කෙන්යාවේ බස් රථ අනතුරකින් 40 දෙනෙකු මියයයි


අද (10)දින කෙන්යාවේ නයිරෝබි නුවර සිට කිසුමු නගරය දක්වා ගමන් තරමින් තිබූ බස් රථයක් අනතුරට ලක්වීමෙන් 40 දෙනෙකු පමණ මියගොස් තවත් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තුවාල ලැබූවන් අතර බරපතල තත්ත්වයේ පසුවන කිහිප දෙනකු සිටින හෙයින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇති බවයි.
බස් රථයේ රියදුරාට හසුරුවා ගැනීමට නොහැකි වූ බස් රථය පාරෙන් ඉවතට පැන අනෙක් පැත්තට පෙරළී තිබේ.
බෑවුමක් සහිත මෙම ස්ථාන‍යේ මීට පෙර ද අනතුරු කිහිපයක් ම මෙම ස්ථානයේ සිදුවී ඇති බව නයිරෝබි පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ රථයේ මගීන් 52ක් සිට ඇත.