පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධා


සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් නතර කළ අතර ඒ වන විට පළමුව පන්දුවට පහරදෙමින් සිටින එංගලන්ත කණ්ඩායම ඕවර 15 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 92 ක් රැස්කිරීමට සමත්විය.

එංගලන්ත කණ්ඩායමේ ජෝ රූට් ලකුණු 25 ක් සහ ඔයින් මෝගන් ලකුණු 14 ක් රැස්කරමින් කඩුල්ලේ රැඳී සිටිති.

එංගලන්ත ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන් ජේසන් රෝයි සහ ජොනී බෙයාර්ස්ටෝ පළමු කඩුල්ල සඳහා ලකුණු 49 ක සම්බන්ධතාවයක් පැවැත්වූහ.
“තණතීරුව තරමක තෙතමන ගතියකින් යුක්ත බැවින් පළමුව පන්දු යැවීමට තීරණය කළ බව කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා පැවසීය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.