නදියා ගේ කතාව

නදියා මුරාඩ්, යසිඩී වාර්ගික ආගමික සුලුතරයේ සාමාජිකාවක් ලෙස ඉරාක සින්ජාර් දිස්ත්‍රික්කයේ, කොජෝ ගම්මානයේ උපත ලැබූ තරුණියක්. ඇගේ පවුලේ අය ජිවිකාව ගෙවූයේ ගොවියන් ලෙසින්. වයස අවුරුදු 19 දී සිසුවියක ලෙස මුඩෝද් උතුරු ඉරාකයේ සින්ජාර් ගම්මානයේ ජීවත්ව සිටින අතර, ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමීන් ( ISIS ) මේ ගමට කඩාවැදී යසිඩී වාර්ගිකයන් 600 දෙනෙක් මරා දමනවා. එහිදී නදියා ගේ සහෝදරයන් හා ඥාති සහෝදරයින් 06 දෙනෙකු ද ඝාතනය කරනවා. නදියා ද ඇතුලත්ව තරුණ කාන්තාවන් 6700 කට වැඩි ප්‍රමාණයක් වහලුන් ලෙසින් රැගෙන ගොස් සිරගත කරනවා. ඒ 2014 සැප්තැම්බර් 15 වනදා. ඇය මොසුල් නගරයේ වහල් සේවකයෙකු ලෙස සේවය කළ අතර, පලායාමට උත්සාහ කළ විට මෙම සන්නද්ධ කණ්ඩායම් ඇයට පහර දී සිගරට්වලින් පුළුස්සා ඇයව දූෂණය කළා. විශාල පිරිසක් විසින් ඇය යළි යළිත් දූෂණය කරනවා. නමුත් එක් අවස්ථාවක ඇයගේ පලායාමේ උත්සාහය සාර්ථක වෙනවා. යාබද නිවැසි පවුලක් විසින් ඇයව සගවා ගෙන විත් ISIS පාලන ප්‍රෙද්ශයෙන් පිටමං කරනවා. අනතුරුව නදියා ඩුහොක් ප්‍රෙද්ශයේ අනාථ කදවුරකට ඇතුලත් වෙනවා.

ඇය 2015 පෙබරවාරි මාසයේදී ඇය බෙල්ජියානු දිනපතා පුවත්පතක් වන La Libre Belgique පුවත් පත පළමු වතාවට ඇගේ කතාව ලොවට ප්‍රකාශ කරනවා. 2015 වසරේ දී ජර්මනියේ Baden-Württemberg, ප්රා න්ත ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කල අනාථයින් පුනරුත්ථාපනය කරන වැඩසටහනක දී නදියා ඇතුලුව කාන්තාවන් හා ළමයින් 1000 ක් ජර්මනියේ නිවැසියන් බවට පත් වෙනවා.

එතැන් සිට ඇය මානව කුට්ටනයට හා හිංසනයට විරුද්ධව වැඩ කිරීමට පටන් ගන්නවා. ඇය මෙම තත්ත්වය පිළිබදව එක්සත් ජාතීන් ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයට වාර්තා කරනවා. මානව කුට්ටනය පිළිබද එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කරන ප්‍රථම අ‍වස්ථාව මෙය වෙනවා. ඉන් අනතුරුව ඇය ලොව පුරා අනාථයින්ට කන් දෙමින්, මානව කුට්ටනය, හිංසනය, ලිංගික දූෂණය හා සමූල ඝාතනයක් පිළිබද සාක්ෂි එකතු කරනවා.

ඇයගේ මෙම සමාජ කාර්යය සදහා ලොව විවිධ අයගේ උදව් උපකාර ලැබෙනවා. විශේෂයෙන්ම හිංසනයට හා ඝාතකයට ලක්වන යසිඩි මුදවා ගැනීම සදහා වෙහෙස වෙනවා. මේ නිසා ඇයගේ ජීවිතයට ඇතිවන මරණ තර්ජන පවා නොතකායි ඇය මේ සමාජ කටයුත්තට එළඹෙන්නේ.
නදියාගේ මතකය, “අන්තිම තරුණිය: වහල්භාවය පිළිබඳ මගේ කතාව සහ ඉස්ලාමීය රාජ්‍යයට එරෙහි මගේ සටන, 2017 නොවැම්බර් 7 දිනදී Crown Publishing Group විසින් ප්‍රකාශයට පත් කරනු ලබනවා.

2016 වසරේ දී ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව කුට්ටනයෙන් ගැලවුනු අයගේ කීර්තිනාමය පිළිබද පළමු තානාපතිනිය ලෙසින් පත් කෙරෙනවා. එසේම 2016 වසරේ දී Council of Europe Václav Havel Award for Human Rights සම්මානයත්, 2016 දීම Sakharov Prize for Freedom of Thought (with Lamiya Aji Bashar) සම්මානයත් දිනාගන්නවා. ඊට අමතරව ඇය 2018 වසරේ දී සාමය සදහා වන නොබෙල් ත්‍යාගය කොංගෝ රාජ්‍යෙයේ කාන්තා රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙකු වන Denis Mukwege සමග සමව හිමිකරගන්නවා.
-kapila M .Gamage -fb