සමාජවාදී තරුණ සංගමය 51වෙනි චේ දිනය සමරයි


ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංවිධානය වන සමාජවාදී තරුණ සංගමය විසින් සෑම වසරකම පවත්වනු ලබන චේ දින සැමරුම මෙවර වෙන්නප්පුව නගරයේදී ඊයේ (08) පවත්වනු ලැබීය. ඒ 51 වෙනි චේ දින සැමරුමයි.

මෙවර සැමරුම උල්හිටියා වෙරළතීරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී පැවැති අයහපත් කාලගුණික තත්වය මත අවසන් මොහොතේදී ස්ථානය වෙනස් කිරිමට එහි සංවිධාන කටයුතු කළ සමාජවාදී තරුණ සංගමය තීරනය කරන ලදී.

ඒ අනුව ඉතා කෙටි වේලාවක් තුළ ස්ථානය වෙනස් කරමින් වෙන්නප්පුව නගරයේ නිමාලි උත්සව ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කෙරිණි.

එහිදී ආරධියන් ලෙස පැමිණි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ කියුබානු තානාපතිනි ජුවනා එලේනා රමෝස් මැතිනිය විසින් දේශන පැවැත් වූ අතර සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා සමාජවාදි තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජිකා නිපුණා සාරංගී මහත්මිය ඇතුළු පිරිසක්ද පැමිණි පිරිස ආමන්ත්‍රණය කරන ලදී.

මෙහිදී කියුබානු සහයෝගිතා බැනරයකට අත්සන් තැබීමටද කටයුතු යොදා තිබූ අතර අවසානයේ සංගීත සැදැවක් පැවැත්විය.