Instagram සමඟ හැඩවෙන්න

මෙය කාලාන්තරයක් තිස්සේ අන්තර්ජාලයේ තිබුණු තවත් එක් සමාජ ජාල වෙබ් අඩවියකි. මෙම අඩවිය යොදාගනු ලබන්නේ ඡායාරූප හා විඩියෝ ස්මාර්ට් ජංගම දුරකථන හරහා අන් අය සමඟ බෙදාහදා ගැනීමටය. මෙය facebook, Twitter යන සමාජ ජාල වෙබ් අඩවි වලට සමානකම් දක්වයි.  හැමකෙනෙකුට මේ හා සම්බන්ධ වූ විගස තමන්ගේ ගිණුමක් (Profile) සදා ගත හැකි අතර ප්‍රවෘත්ති අංශයක්ද (News Feed) මෙහි අන්තර්ගත කොට ඇත.

ඔබ ඡායාරූපයක් හෝ විඩියෝවක් Instagram හි පලකල විට එය ඔබේ ගිණුමට එක් වන අතර ඔබේ ගිණුම හා සම්බන්ධව සිටින අනෙක් භාවිතාකරන්නන්ට ඔබේ මිතුරන්ට එය දැකගත හැකිවේ. එමෙන්ම ඔබට වෙන් වී ඇති ප්‍රවෘත්ති කොටසේ අන් අයගේ ඡායාරූප හා විඩියෝ ඒ ආකාරයෙන්ම දැකගත හැකිවේ.

Instagram නොමිලේ iOS, Android සහ Windows Phone යන දුරකථන, උපකරණ වල ඇති අතර. ඔබට ඔබේ පරිගණකයෙන්ද ඒ සඳහා පිවිසිය හැකිය. නමුත් ඔබට ඔබේ ඡායාරූප හෝ විඩියෝ ගිණුමට එක් කල හැක්කේ ඔබේ ජංගම දුරකථන හෝ උපංග වලින්ම පමණී.

ඔබට ඔබේ facebook ගිණුම හරහා හෝ ඔබේ විද්්‍යුත් ලිපිනය හරහා Instagram තුලට පිවිසිය හැකි වන ආකාරයට පහසුකම් සලසා දී ඇත. එමෙන්ම ඔබේ මුහුණු පොතේ සිටින මිතුරන් Instagram තුල ද සොයගත හැකිවන ආකරයට මෙහි පහසුකම් සලසා දී ඇත. ඔබට ඔබේ නම, ඔබේ ඡායාරූපයක්, ඔබ ගැන කෙටි පැහැදිලි කිරීමක් හා ඔබේ වෙබ් අඩවිය ඇතුලත් කරගෙන ඔබේ ගිණුමට ආරම්භයක් දිය හැකිය.

Instagram යන ඔබේ දෘශ්‍යමාන බෙදාහදාගන්නා තැනකි. ඔබට ඔබව අනුගාමික (Follow) කරන්නන් මෙන්ම ඔබ අනුගාමී (Following) කරන්නාවූ පිරිසෙහි ගණනද දෘෂ්‍යමානවේ. හැම ගිණුමකම ඔබට අන් අය අනුගාමික කරන්නට බොත්තමක් ලබාදී ඇත. එමෙන්ම ඔබේ ගිණුම ඔබටම පෞද්ගලික වන්න සකසාගත හැකිය.

මෙහි යමක් පලකිරීම ඉතා විනෝදජනක මෙන්ම ඉතා පහසුය. ඔබට ඔබේ කැමත්ත“like” පලකිරීම සදහා බොත්තමක් ලබාදී ඇති අතර ඔබට ඔබේ අදහසද “comment” ඊට පහලින් සදහන් කිරීමට අවශ්‍ය කරන පහසුකම සලසා දී ඇත.

ඔබට තවත් පුද්ගලයන්, මිතුරන් සොයාගැනීමට අවශ්‍ය නම් එහි සොයන්නන්ට (Search Tab) අවශ්‍ය කරන කොටසක් සකාසා දී ඇත. එය අත්කාචයට හැඩයක් ගන්නා අයිකනයකි. එමෙන්ම මෙහිද Twitter මෙන් හැෂ් ටැග් (hashtags) භාවිතා කරයි. එමගින්ට ඔබට ප්‍රධාන සේවිමේ කොටස වෙත ගොස් ඔබට අවශ්‍ය කරන දෑ සොයාගත හැකිය.

මෙහි ඇති විශේෂිතම ලක්ෂණය වන්නේ ඔබට ඔබේ ඡායාරූපය සැනින් සංස්කරණය කරගෙන වඩාත් අලංකාරකර, ඔපමට්ටම්කර, විශේෂිත වර්ණ පරාසයන් එක්කර අන්තර්ජාලයට එක් කරගැනීමේ හැකියාවයි. එය අප Applying Filters and Editing ලෙස හදුන්වනු ලබයි.

ඔබට ඡායාරූප මෙන්ම තත්පර පහලොවක දිගුවකින් යුතු විඩියෝවක් එක් කල හැකි අතර එසැනින් එයද සංස්කරණය කරගත හැකි පහසුකම සලසා දී ඇත. මෙහි ඡායාරූප සදහා ෆිල්ටර්ස් 24ක්ද වීඩියෝ සදහා 13ක්ද ලබාදී ඇත. එමගින් ඔබේ ඡායාරූපයට මෙන්ම විඩියෝවටද අලංකාරයක් ගෙන දේ.

ඔබ එක්කරනු ලබන දෙය facebook, Twitter, Tumblr, Swarm හෝ Flickr හි එකවර බෙදාහැරීම හැකියාවද මෙහි ලබාදී ඇත.



වඩාත් ආකර්ශණිය ගිණුමක් පවත්වාගෙන යෑම සදහා පහත සදහන් කරුණු අනුගමනය කරන්න.

  1. වාඩාත් ආකර්ශණීය වර්ණවත් ඡායාරූප සහ විඩියෝ ඔබේ ගිණුමට එක්කරගන්න. එහිදී ආදරණීය, සතුටපිරි, ධනාත්මක, මනරම් දෑ ගැන සැලකිලිමත් වන්න.
  2. ලබාදී ඇති ෆිල්ටර් නිසි පරිදි තෝරාගෙන ඇතුලත් කරන්න. සමහරක් ඇතුලත් කල පසු ඔබේ ඡායාරූපයේ ඇති වර්ණවත් බව අදුරු විය හැකිය. හැමවිටම ස්වභාවික ගුණය පවත්වාගෙන යන්නට උත්තසාහ කරන්න.
  3. නිතරම හෑෂ්ටැග් (Hashtags) භාවිතා කරන්න. එය ඔබේ පලකිරීම් සදහා වඩාත් වැඩි පිරිසක් එක් කරදෙනු ඇත.
  4. හැම නිතරම තමන්ට අවේණික වූ ඡායාරූප හෝ විඩියෝ පල කරන්න. එවිට එහි වෙනසක් අන් අය දකීවී. නව නිර්මාණාත්මක දේ ගවේෂණය කරන්න.
  5. නිතරම ඔබේ ගිණුමෙහි සැරිසරන්න අළුත් නැවුම් දෑ එයට එක්කරන්න. දිනකට එක් ඡායාරූපයක් පල කිරීමද ප්‍රමාණවත්.
  6. අන්අයගේ ඡායාරූප හා විඩියෝ වලට ඔබේ අදහස් එකතු කරන්න. එවිට ඔබටද ඔවුන්ගේ සහයෝගය ලබාදෙනු ඇත.

 

ඔබත් අදම මේ නැවුම් අත්දැකීම් විදගන්න ඔබේ ඡංගම දුරකථනයෙන් හෝ ටැබ් එක ආධාරයෙන් Instagram සමග සම්බන්ධ වී ඔබේ නිර්මාණාත්ම ඡායාරූප හෝ විඩියෝ එක්කරගෙන මෙහි ඇති සුන්දරත්වය අන් අය සමග විදගන්න.

 

පුලස්ති වන්නිආරච්චි

අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණ ඉංජිනේරු

www.instagram.com/pulalk