IMO ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට


පසුගියදා රුමේනියාවේ ක්ලුජ්නහෝතා නුවර පැවති 59 වන අන්තර් ජාතික ගණිත ඔලිම්පියාඞ් තරඟාවලියේ (IMO) ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ කොළම ආනන්ද විද්යාලයේ ගෞර අභීන්ද්‍ර මහබදුගේ ශිෂ්යයා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
අන්තර් ජාතික ගණිත තරඟාවලිය යනු වාර්ෂිකව පැවැත්වෙන අවුරුදු 20 න් පහළ සිසුන් සඳහා වූ පැරණිතම හා වඩාත් කීර්තිමත් ඔලිම්පියාඞ් තරගාවලිය ලෙස සැලකේ.
1959 වසරේ දී ප්‍රථම IMO තරඟාවිලය රුමේනියාවේදී පවත්වන ලද අතර මෙවර පැවති තරඟාවලිය සඳහා රටවල් 110 ක් සහභාගී විය.
සෑම රටකින් ම තරඟ කරුවන් හයදෙනා බැගින් සහභාගී වූ මෙම තරඟාවලියේ ප්‍රථම ස්ථානය ඇමරිකානු එක්සත් ජනපද විසින් දිනාගන්නා ලදී.
ශ්‍රී ලංකා කණ්ඩායම 72 වන ස්ථානය ලබාගන්නා ලද අතර, එහිදී හිමු වූ එකම ලෝකඩ පදක්කම කොළඹ ආනන්ද විද්යාලයේ ගෞර අභින්ද්‍ර මහබදුගේ සිසුවා දිනාගත් අතර, තවත් ගෞරව සම්මාන තුනක් ඇහැලියගොඩ මාධ්‍ය මහා විද්යාලයේ චාරුක බණ්ඩාර සිසුවියද ,මහනුවර ධර්මරාජ විදුහලේ නිශ්ශංක අලහකෝන් සිසුවාද, කොළඹ විශාකා විද්‍යාලයේ නිලූෂී විතානච්චි සිසුවිය විසින් දිනාගන්නා ලදී.
IMO තරඟාවලි විභාගය අනිවාර්ය දින දෙකක් පැවැත්වෙන අතර සෑම දිනකම ප්‍රශ්න තුන බැගින් ලබාදෙන අතර, එය විසඳීමට පැය 4 ½ ක කාලයක් ලබාදේ.
මෙවර ලෝකඩ පදක්කම ලබාගත් ගෞර අභින්ද්ර මහබදුගේ සිසුවා ලබාගත් ලකුණු 18 ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සහභාගී වූ තරඟකරුවෙක් විසින් ලබා ගන්නා ලද වැඩිම ලකූණු ප්‍රමාණය ලෙස වාර්තා පොත් අතරට එක් විය.
ශ්‍රී ලංකාව 1995 සිට මෙම තරඟාවලියට සහභාගීවන අතර මෙතෙක් ලෝකඩ පදක්කම් 19 පමණක් දිනා ගෙන ඇත. ශ්‍රී ලංකවේ කිසිම තරඟකරුවෙක් ඉතිහාසය තුළ රන් හෝ රිදී පදක්කමක් හිමි කර ගැනීමට අපොහොසත් වී ඇත.
මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායමේ නායකයා ලෙස ආචාර්ය කෞෂික ද සිල්වා සහභාගී වූ අතර උපනායක ලෙස රුසිරු ගාම්භිආරච්චි කටයුතු කළේ ය.
IMO තරඟාවලිය ලබන වසරේ එංගලන්තයේ භාත් නුවර දී පැවැත්වීමට නියමිතය.