ඇපල් සමාගම නවතම පහසුකම් සහිත iPhone XS එළි දක්වයි

ඇපල් සමාගම ඔවුන්ගේ iPhone X දුරකථනය තවත් බලවත් මාදිලි තුනකින් නිකුත් කර තිබෙන අතර ඉන් දෙකක් පෙර මාදිලිවලට වඩා ප්‍රමාණයෙන් විශාලය.

ඒ අනුව iPhone XS Max දුරකතනයේ තිරය අඟල් 6.5 ක් වන අතර iPhone XS හි එය අඟල් 5.8 කි. iPhone XR හි තිරය අඟල් 6.1 ක් වුව ද එය තත්ත්වයෙන් අඩුය.
එසේම මේ සමග නිකුත් කළ සුහුරු ඔරලෝසුව (smartwatch) අලුතින් එක්කළ 'ඇද වැටීමක් හසුකරගත හැකි' පහසුකම සහිතය.

අධික මිල හේතුවෙන් iPhone X සඳහා ඇතිවන ඉල්ලුම අඩුවනු ඇතැයි සැක පහළවී තිබිණි.
නමුත්, මිලෙන් අඩු හෝ iPhone 8 මාදිලිවලට වඩා දිගින් දිගටම මෙම මාදිලි ජනප්‍රිය වනබව ඔප්පු කර තිබෙන බව ඇපල් සමාගම පවසයි. වෙනත් තරගකාරී සමාගම්වල දුරකථන අභිබවා මෙම නව මාදිලි අලෙවි වනු ඇති බව වෙළෙඳපොළ සමීක්ෂණ ආයතන ද විශ්වාස කරයි.

වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ඩොලර් ට්‍රිලියන 1 ඉක්මවා ඇපල් සමාගම ඉදිරියට යාමට එය හේතුවිණි.

කෙසේ නමුත්, ඇපල් සමාගම තෙවෙනි තැනට හෙලමින් පසුගිය අප්‍රේල් සිට ජුනි දක්වා වූ කාර්තුව තුළ ද චීනයේ හ්වාවේ සමාගම තවදුරටත් ජංගම දුරකථන වෙළෙඳපොළ ඉදිරියෙන් සිටීමට සමත්වී තිබේ.
පැරණි iPhone 8 හා ප්‍රමාණයෙන් සමානවුවද, iPhone XS Max හි දර්ශන තිරය සැලකිය යුතු ලෙස විශාල බව ඇපල් සමාගම පවසයි.
Phone XR දුරකතනයේ තිරය ද විශාල නමුත්, එහිදී මිල අධික මාදිලිවල භාවිතයට ගන්නා OLED තාක්ෂණය වෙනුවට LCD තාක්ෂණය යොදාගෙන තිබේ. ඒ අනුව එහි දිස්වන වර්ණ සුපැහැදිලිතාව අඩු ය.

මිට අමතරව, එහි රාමුව ඇලුමිනියම් වලින් නිපදවා ඇති අතර ඒ හේතුවෙන් හානියකින් ආරක්ෂාවීම අඩුවී තිබේ. කෙසේ නමුත් අනෙක් මිල අධික මාදිලි මෙන් නොව මෙය වර්ණ හයකින් වෙළෙඳපොළට පැමිණෙනු ඇත.
පසුගිය වසරේ තම ජංගම දුරකථන යාවත්කාලීන නොකළ iPhone හිමිකරුවන්ට එසේ කිරීමට මෙම පුළුල් පරාසය දිරිමත් කරනු ඇති බව විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ.
bbc