ශ්‍රී ලාංකීය ඩිජිටල් පෙරළියේ Disrupt Asia හි 3 වන අදියර 2018 අගෝස්තු 11

මෙරට පැවැත්වෙන ප‍්‍රමුඛතම තොරතුරු තාක්‍ෂණික නව ව්‍යවසායකයින්ගේ සම්මන්ත‍්‍රණය සහ නවෝත්පාදන උළෙල වන Disrupt Asia හි 3 වන අදියර 2018 අගෝස්තු 11 වන දින පස්වරු 4 සිට මධ්‍යම රාත‍්‍රිය දක්වා ටේ‍්‍රස් එක්ස්පර්ට් සිටි හිදි පැවැත්වෙයි. මෙරට තොරතුරු තාක්‍ෂණික ව්‍යවසාය නගා සිටුවමින් එම ව්‍යවසායකයින් වෙත සුපිරි තරු ලෙස ඉහළ පිළිගැනීමක් ලබාදීම මෙන්ම ව්‍යවසායකත්වයේ ගමන්මග අගය කිරීමක්ද මෙහිදී සිදුකිරීමට නියමිත ය. එමෙන්ම තොරතුරු තාක්‍ෂණය එදිනෙදා ජීවිතය හා බැඳී ඇති ආකාරය විදහා දැක්වෙන ආකර්ශණිය ප‍්‍රදර්ශනයකින් ද මෙම උළෙල සමන්විත වේ.

තාක්‍ෂණය යොදාගත් විනෝදාත්මක ක‍්‍රියාකාරකම් රැසකින් සමන්විත වන මෙම නවෝත්පාදන උළෙල තාක්‍ෂණය පිළිබඳ උනන්දු වන දරුවන් සහ වැඩිහිටියන් වෙනුවෙන් විවෘත වෙයි. නොමිලේ පැවැත්වෙන මෙම උළෙල සඳහා සහභාගි වන දරුවන්ගේ තාක්‍ෂණික දැනුම වර්ධනය වන ක‍්‍රියාකාරකම් සහිත කලාපයක් මෙහි ඉදිකර තිබේ.