තායිලන්තයේ ගුහාවේ සිරවී සිටි ළමුන් 06ක් මේ වනවිට නිරුපද්‍රිතව මුදවා ගෙන රෝහල් ගත කරයි.

තායිලන්තයේ පොලව මට්ටමේ සිට මීටර් 600ක් භූගත ගුහාවේ සිරවී සිටි ළමුන් 12 දෙනාගෙන් හය දෙනෙකු මේ වන විට නිරුපද්‍රිතව බේරාගැනීමට සහන සේවකන් හා එරට හමුදාව සමත්ව ඇති බව වි‍දෙස් පුවත් වාර්ථා කරයි.

තායිලන්ත හමුදාවේ උසස් නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ගුහාවේ සිටින ළමුන් ගෙන් දුර්වල තත්ත්වයේ සිටින අය පළමුවෙන් පිටතට ගෙන ඒමට කටයුතු කරන අතර ගොඩට ගත් විගස ඔවුන් රෝහල් ගත කරන බවයි.

එමෙන්ම බලාපොරොත්තුවූ කාලයට වඩා පැය 02 කට පෙර ළමුන් ඉවත් කර ගැනීමේ කාර්ය ආරම්භ කිරීමට හැකිවූ බවයි ලුතිනන් ජෙනරල් Kongcheep Tantrawanit ප්‍රකාශ කර සිටි.

පසුගිය ජුලි 23 වනදා සිට ඔවුන් ජලය පිරුණු ලෙනෙහි සිරවී සිටි අතර කඩිනම් මුදාගැනීමේ මෙහෙයුම ආරම්භ වූයේ මෝසම් වැසි ඇතිවීමේ අවදානමත් සමඟයි.