තායිලන්තයේ ලෙන තුළ සිරවී සිටින දරුවන්ගෙන් තම දෙමව්පියන්ට ලිපියක්

තායිලන්තයේ කඳුකර ප්‍රදේශයක ලෙනක් තුළ සති දෙකක කාලයක් පුරා සිර වී සිටින පිරිමි ළමුන් තම දෙමව්පියන් වෙත ලිපියක් එවා තිබේ.
ඔවුන් දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන් පිළිබදව දුක්කරදරයට පත් නොවන ලෙස ය.

තමන් ඉතා හොඳ ශරීර සෞඛ්‍යයෙන් ශක්තිමත්ව සිටින බව එම ලිපියෙහි දැක්වේ.

දරුවන් ලෙන තුළට රැගෙන ගිය 25 හැවිරිදි පාපන්දු පුහුණුකරු ද දරුවන්ගේ දෙමාපියන් වෙත ලිපියක් එවමින් සමාව ඉල්ලා තිබේ.

තම උපරිමයෙන් දරුවන් රැක බලා ගන්නා බව ඔහු එහි දක්වා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේය.

එමෙන්ම දරුවන් වෙත ඔක්සිජන් ටැංකි රැගෙන ගිය කිමිඳුම්කරුවෙකු ආපසු පැමිණීමේදී ජීවිතක්ෂයට පත්වීම මෙම සහන සේවා මෙහෙයුමේ ඇති බිහිසුණු බව ලොවට කියා පාන බව විදෙස් වාර්ථාවල සදහන්වේ.

සියලුම දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවත් සහන සේවා කණ්ඩායම් තමන්ට හොඳින් සැළකිලි කරන බවත් පාපන්දු පුහුණුකරු පවසයි.