Orkut නමින් හැදින්වන මෙම සමාජ ජාල වෙබ් අඩවිය 2004 ජනවාරි මාසයේදී Google සමාගම විසින් එලි දක්වන ලදී. මෙය මුල් කාලයේදී බ්රසීලයේදී පමණක් ජනප්රිය වූ අතර ඇමෙරිකාව තුල එතරම් ජනප්රියතාවක් හිමිකර ගත්තේ නැත. එයට ප්රධානම හේතුව වන්නේ
Facebook වෙබ් අඩවියේ අගමනයි. Orkut එලි දක්වා මසකට පසු එනම් පෙබරවාරි මාසයේදී (2004) Facebook අන්තර්ජාලය හා එක් විය.
පුරා වසර 10ක් සේවය සලසමින් ක්රියාත්මක වූ Orkut සමාජ ජාල වෙබ් අඩවිය සැප්තැම්බර් 30 වනදා Google සමාගම විසින් වස දැමීමට නියමිතය. දැනට Orkut හා සම්බන්ධ වී සිටින අයගේ තොරතුරු Google Takeout හරහා ලබා ගත හැකිය.