රාමායනය හා බැදි අහල්‍යා - (VEDIO)

ඉන්ද්‍රා දෙවිදුන් අහල්යා කියන සුරූපි තරුනියගේ වයස්ගත සැමියා ලෙස වෙස්වලාගෙන ඇවිත් ඇය හා වරදෙහි බැදෙනවා. මේක දැනගත්ත ඇයගේ සැමියා ගෞතම් ඇයව ගලක් වෙන්න කියලා සාප කරනවා. අවුරුදු ගානකට පස්සේ මේ සාපයෙන් ඇය මිදෙන්නෙ රාමා නිසා. ඕක පාදක කරගෙන සත් යජිත් රායි කෙටි කතාවක් ලියනවා මහාචාර්ය ශොන්කු හා අමුතු බෝනික්කෝ කියල.
සුජෝයි ගෝෂ්ගේ ‘අහල්‍යා’ කෙටි චිත්‍රපටය මේවන අන්තර්ජාලයේ අතිශය ජනප‍්‍රියත්වයට පත්ව තිබෙනවා.ඒ මෙතෙක් නිෂ්පාදනයවූ හොදම කෙටි චිත‍්‍රපටය ලෙස ද නමක් දිනාගනිමිනුයි. අතුරුදන්වන පුද්ගලයකු පිළිබදව සොයා බැලීමට නිවසකට යන පොලිස් නිලධාරියකුට එහිදී අතිශය රූමත් තරුණියක් මුණ ගැසෙන අතර පොලිස් නිලධාරියා සිතන්නේ ඇය එම නිවැසියාගේ දියණිය ලෙසයි. එහෙත් ඇය බිරිද බවට පත්වෙනවා . ඉන් අනතුරුව පොලිස් නිළධාරියා මුහුණ පාන තත්ත්වය කෙටි සිනමාපටය හරහා ගෙන හැර දක්වනවා .