රයිගම් ටෙලි සම්මාන රැයේ තරු බැබළුණ හැටි

2017 රයිගම් ටෙලි සම්මාන උළෙල පසුගිය දිනක ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. විශාල කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙවර සම්මාන රාත්‍රීයේදීත් දක්ෂයන් අතරින් අති දක්ෂයන් විශාල ප්‍රමාණයක් ඇගයීමට පාත්‍රවුණා. ඒ අතර මෙවරද ජනප්‍රියම නිළිය ලෙස ජනතා සම්මානයෙන් පිදුම් ලැබුවේ සමිමාන උළෙලවල් ත්‍රිත්වයකදීම
පිටපිටම ජනප්‍රිය නිළියට හිමි සම්මාන ලැබූ නයනාතාරා වික්‍රමාරචි යි. එමෙන්ම ජනප්‍රිය නළුවා ලෙස සම්මානයට පාත්‍රවූයේ කූඹීයෝ නාට්‍යයේ ප්‍රධාන භූමිකාව තුළ
රංගනයෙන් දායක වූ ජනප්‍රිය නළු තුමිදු දොඩන් තැන්න ය. හෙඳම නළුවා ලෙස සම්මාන දිනා ගනු ලැබුවේ ප්‍රවීණ රංගන ශීල්පී මහේන්ද්‍ර පෙරේරා විසිනි.
වසරේ හොඳම නිළියට හිමි සම්මානය නදී කම්මැල්ලවීර විසින් දිනා ගන්නා ලදී. එමෙන්න වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යට හිමි සම්මානය කූඹියෝ ටෙලි නාට්‍යට හිමිව තිබේ.
විශිෂ්ධතම ටෙලි නාට්‍ය පසුබිම් ගායනයට හිමි සම්මානය ඉන්දිකා උපමාලිට හිමිව ඇති අතර ගායකයාට හිමි සම්මානය සමන් ලෙනින් හට හිමිව තිබේ.
මේ ආදී වශයෙන් කලා තරු රාශියක් රයිගම් සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍රව තිබේ..එහි ඡායාරූප කිහිපයක් පහතින්…











මධූ