දියමන්තියෙන් වැඩ දැමූ ලොව මිල වැඩිම දුරකථන

 
දුරකථන අපගේ එදිනෙදා ජීවිතයේ ප්‍රධාන අවශ්‍යතාවයක්. තාක්ෂණයේ  මෑත කාලීන
 දියුණුවත් සමගම, ඔබගේ ජංගම දුරකථන ඔබේ පරිගණකයට කරන්න පුළුවන්
සෑම දෙයක්ම කිරීමට පුළුවන් කමක් ලැබිල තියෙන බව ඔබ දන්නවනේ ඒ නිසා
ජංගම දුරකථනවල මිල බොහෝ සෙයින්  වැඩි වීම පුදුමයක් නොවේ. මෙන්න ලොව
හොඳම වඩාත් මිල අධිකම ජංගම දුරකථන 10

1. Diamond Rose iPhone 4 32GB – $8 million

මේ දක්වා ලොව මිල අධිකම iPhone ජංගම දුරකථනය ලෙස නම් කර ඇත්තේ
Diamond Rose iPhone 4 32GB දුරකථනයයි. මෙය ‘Stuart Hughes’ විසින්
නිශ්පාදනය කර තිබේ.ආසන්න වශයෙන් තනි තනි දියමන්ති 500 ක් පමණ යොදා
මෙය නිර්මාණය කර ඇත. පිටුපස ඉතා අගනා රත්තරං සහ ඇපල් ලාංඡනය සඳහා
අමතර දියමන්ති 53 යොදා සකසා තිබේ. ඉදිරිපස බොත්තම ප්ලැටිනම් වලින් තනා
ඇත.

2. Suoreme Goldstriker iPhone 3G 32GB- $ 3,200,000

ලෝකයේ දෙවන වඩාත්ම මිල අධික ජංගම දුරකථන ඇපල් අයිෆෝන් ප්‍රභේදයක්
වන Suoreme Goldstriker iPhone 3G 32GB නම් කෙරේ.  මෙහි ආවරණය ඝන රන්
ග්රෑම් 271ක් සහ  රත්තරං 22 k යොදා ගනිමින් නිර්මාණය කර තිබේ. home button
එක දුර්ලභ දියමන්ති කැරට්- 7.1 යොදා ආවරණය කර ඇත.

3. iPhone 3G King’s Button – $2.4 million

ලෝකයේ තුන්වන වඩාත් මිල අධික ජංගම දුරකථනත වමත් iPhone 3G King’s
Button වේ.  ‘Peter Aloisson’  මෙම දුරකථනයේ නිර්මාතෘ වේ. දියමන්ති 138 මෙම
දුරකනනයේ ස්ථාපනය කර ඇත. කැරට් 6.6 සුන්දර සුදු දියමන්තිය මෙම දුරකථන
සුන්දරත්වය වඩාත් වැඩි වන බොත්තම ලෙස ක්‍රියාත්මතක වේ.

4. GoldVish Le Million – $1.3 million

සුකෝපභෝගී ඔරෙලෝසු සහ ස්වර්ණාභරණ රැසක් නිර්මාණය කළ ප්‍රවීණ නිර්මාණ
ශිල්පී Emmanuel Gueit විසින් “Le million” නිර්මාණය කර ඇත.මෙය ස්විස්ටර්
ලන්තයේ දී නිර්මාණය කර තිබේ. මෙම දුරකථන 2006 සැප්තැම්බර් මස ප්‍රංශයේ
කෝටිපතියෙක් වූ ‘කෑන්ස්’ ලොව මිල අධිකම ජංගම දුරකථන ලෙස ගිනස් ලෝක
වාර්තාවක් ද ප්‍රධානය කරන ලදී. 8k සුදු රන් හා VVS1 දියමන්ති කැරට් 20 ක්
සමගින් මුතු මැණික් අල්ලා නිර්මාණය කර තිබේ.

5. Daimond Crypto Smart Phone – $1.3 million

වින්ඩෝස් CE මත පදනම්ව මෙම smart දුරකථනය සුකෝපබෝගි උපාංග සහිතව
‘Peter Aloisson’ විසින් නිර්මාණය කර තිබේ. මෙම විශිෂ්ඨ නිර්මාණයේ කලාත්මක
අගය $1.3 million කට මිල කර ඇති අතර දියමනක්ති 50ක් යොදා ගනිමින්
ආවරණයේ විශේෂාංග නිර්මාණය කර තිබේ.

6. Gresso Luxor Las Vegas Jsckpot- $1 million

මෙම දුරකථන සම්ප්‍රධායික හා සුකෝපබෝගී විහේෂාංග සමගින් පැමිණේ. මෙය
in2005 ස්විට්සර්ලන්තයේ ස්ථාපිත කරන ලදී. එය ග්රෑම් 180 ක් බරැති
රත්තරන්වලින් නිර්මාණය කර ඇත. මෙහි පිටුපස පුවරුව අප්‍රිකානු backwoods
(ලෝකයේ වඩාත් මිල අධික දැව වර්ගයක්) වලින් නිම කර තිබේ. එහි යතුරු නිල්
මැණික් හා ක්‍රිස්ටල්වලින් නිමවා ඇත.

7. Vertu Signature Cobra – $ 310,000

Vertu Signature Cobra ලොව මිල අධිකම ජංගමදුරකථන අතර 7වන ස්ථානයේ
පසු වේ. ප්‍රංශ රත්තරංවලින් මෙය නිර්මාණය කර තිබේ. තවද මකර ඇස් දෙදක්ද
සහිත මෙහි සුදු දියමන්ති හා රතු කැට 439ක් යොදාගෙන ඇත.

8. BlackDiamond VIPN Smart phone – $300,000.

ලෝකයේ මිල අධිකම ජංගම දුරකථන අතර Sony Ericsson’s Black Diamond
දුරකතනය 8වන ස්ථානයේ පසු වේ. aren Goh Sony  මෙම ආකර්ශනීය නිර්මාණය
සිදු කර ඇත. මෙහි ඇතුළත් අංග අතර හැඩහුරුකම විදහා පෙන්වන කැඩපත,
පොලිකාබනේට් කැඩපත සහ කාබනික LED තාක්ෂණය, මෙම තිරයට කිසිවෙකුටත්
අභියෝග කළ නොහැකි ය. දියමන්ති දෙකක් යොදා ගනිමින් මෙය වඩාත් අලංකාර
කොට ඇත.

9. iPhone Princess Plus – $ 176,400

iPhone Princess Plus , ලොව මිල අධික ජංගම දුරකථනයකි. Apple iPhone ජංගම
දුරකථනය වඩා බොහෝ සෙයින් වෙනස් විශේෂාංග මෙහි ඇත. ‘Peter Aloisson’
විසින් මෙය නිර්මාණය කර ඇත. බාහිරින් රන් ආලේප කර ඇති අතර දීප්තිමත්
දියමන්තිවලින් ද යුක්ත වේ.’Peter Aloisson’ට අනුව, දියමන්ති හොඳම තත්ත්වයේ
ඇති නිසා මෙය ඉතාමත් කැපී පෙනෙන ජංගම දුරකථනයක් බවට පත් වී ඇත.

10. Vertu Signature Diamond –  $ 88,000

ලොව මිල අධිකම ජංගම දුරකථන අනුපිළිවෙල ලැයිස්තු ගත කිරීමට අනුව 10වන
ස්ථානයේ  පවතින දුරකථනය මෙයයි.  මෙය ප්ලැටිනම්වලින් නිශ්පාදනය කර ඇති
අතර මෙහි එකලස් කිරීමේ ක්‍රියාවලිය handnot යන්ත්‍රය මගින් සිදු කරනු ලබයි.
ලස්සන විසිතුරු දියමන්තිවලින් සරසා ඇති මෙය අති සුකෝපබෝගී මෙන්ම සිත්
ගන්නා බවකින්ද යුක්ත වේ.

මධූ