ඔබේ ව්‍යාපාරයේ ඩිජිටල් අලෙවිකරණය ගැන හිතුවාද?

දිනෙන් දින ඩිජිටල් අලෙවිකරණය එහෙමත් නැත්නම් ඩිජිටල් මාර්කටින් ක්ෂේත්‍රය දියුණුවෙමින් පවතී. මෙයින් මීදී සිටීමට කිසිදු ව්‍යාපාරයකට නොහැකිය. දිනෙන් දින භාණ්ඩ හා සේවා ලබාදීමට ඇතිවන තරඟයත් සමඟ සාම්ප්‍රදායික අලෙවිකරණයෙන් මිදී ඩිජිටල් අලෙවිකරණය සඳහා බොහෝ ආයතන යොමුවෙමින් සිටින අතර එයින් යහපත් ප්‍රතිඵල ලබාගැනීමට ඔවුනට හැකිව තිබේ. කුඩා ව්‍යාපාරිකයන් පවා ඩිජිටල් අලෙවිකරණය වෙත නැඹුරුවී තම භාණ්ඩ හා සේවා අලෙවිකරණය ඉතා ඉහළ මට්ටමකට ගෙන ඒමට සමත්ව තිබේ.
නමුත් ඩිජිටල් අලෙවිකරණය වෙනුවෙන් යොමුවන බොහෝදෙනා දන්නා සහ සැලකිලිමත් නොවන කරුණු ගැන ඇත. නිවැරදි ඩිජිටල් අලෙවිකරණයක් වෙත යොමුවීමට හා එහි සාර්ථකත්වය ලබාගැනීමට නම් පහත කරුණු සැලකිල්ලට ගැනීම වැදගත්වේ.

1. දැනට භාවිතා කරන සාම්ප්‍රදායක ක්‍රම වලින් බැහැරවීමට ඇති කැමැත්ත.
2. තමන්ගේ ආයතනය වෙනුවෙන් තැනී ඇති විඩියෝ ප්‍රමාණය හා එහි ගුණාත්මය.
3. තමන්ගේ ව්‍යාපාරයේ ඇති අන්තර්ගතය තමන්ටම අවේණිකද?.
4. තමන්ගේ ව්‍යාපාරයට වෙබ් අඩවියක් තිබෙනවාද, ඒහි වෙබ් අඩවිය ස්මාට් ජංගම දුරකථන සදහා කෙතරම් අනුකූලතාවයක් දක්වනවාද?.
5. අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණය මූලධර්ම ඔබේ වෙබ් අඩවියට එක්කර ඇතිද?.
6. සජීවි විඩියෝ සහ සජීවී සිදුවීම් ඔබේ සමාජ ජාල පිටු තුල අන්තර්ගතද?.
7. ඔබේ භාණ්ඩ හා සේවා Z පරම්පරාව වෙත කෙතරම් ආකර්ශණීයද බව.
8. ඔබේ ව්‍යාපාරයේ පිහිටුම් ස්ථානය අන්තර්ජාලයට එක්කර ඇතිද?.
9. ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් කෙතරම් ආයෝජනයක් ඩිජිටල් අලෙවිය වෙනුවෙන් මාසිකව සිදුකළ හැකිද?.
10. ඔබේ සමාජ ජාල අඩවි ඔසසේ එන ප්‍රශ්ණ වෙනුවෙන් ඔබේ අයතනය කෙතරම් ඉක්මණින් පිලිතුරු සපයනවාද?
11. නව අත්හදාබැලීම් කොපමණ සංඛ්‍යාවක් සමාජ ජාල හා වෙබ් අඩවිය තුල සිදුකරනවාද?
12. ඔබේ ව්‍යාපාරයේ විනිවිදභාවය අන්තර්ජාලය තුල කොතරම් ශක්තිමත්ද?
13. ඔබේ ව්‍යාපාරය සම්බන්ධව අන්තර්ජාලයේ සිටින ගණුදෙනුකරුවන් දරන අදහස කුමක්ද?
14. ඔබේ වෙබ් අඩවිය හා ඔබේ ව්‍යාපාරයේ සමාජජාල ගිණුම් කොතරම් සුරක්ෂිතද? එහි මුරපද තවකෙකුට පහසුවෙන් ග්‍රහණය කරගත හැකිද?
15. ඔබේ ව්‍යාපාරයේ සේවයේ නියතු ඔබ ඇතුළු ඔබේ වෘත්තිකයන් කී දෙනෙක් සමාජ ජාල සමඟ කටයුතු කරනවාද?

Digital Marketing
මේ කරුණු ගැන සැලකිලිමත් නොවුනේ නම් අදම සිතන්න. එවිට ඔබට වඩාත් සාර්ථක ව්‍යාපාරයක් ඩිජිටල් අලෙවිකරණය ඔස්සේ නිර්මාණය කරගත හැකි වනු ඇත. පහත සදහන් වාසි ඔබට හිමිවේ.
1. ඔබේ නිපැයුම් වර්ගය හෝ සේවාව පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම ඉහළ දැමිය හැකිය.
2. ඔබේ වෙබ් අඩවියේ පරිශීලකයන් වැඩිකරගත හැකිය.
3. වඩා පහසුවෙන් ඔබේ සැපයුම හෝ නිපැයුම් අන්තර්ජාලය තුල අලෙවිකරණය කරගැනීමේ හැකියාව.
4. නිපැයුම් වර්ගයන් හි පිලිගැනීම ඇතිකිරීම
5. ඔබේ නිපැයුම් වර්ගය හො සේවාව කෙරෙහි සමාජ කතිකාවතක් ඇති කළ හැකිය.
6. ඔබේ ව්‍යාපාරයට සමාජ ඇහුම්කන්දීම වැඩිකරගත හැකිවීම.
7. ගණුදෙනුකරුවන්ට ලැබෙන අඛණ්ඩ පාරිභෝගික සේවාව මගින් ඔබේ ගණුදෙනුකරුවන් සතුටෙන් තැබිය හැකිවේ.
8. සෘජු පරිශීලික නැඹුරුවීම ඔබේ වෙබ් අඩවිය වෙත හෝ ඔබේ බ්ලොගය වෙත ලැබේ.
9. ඔබේ සේවාවන් හා භාණ්ඩ පිළිබඳව පාරිභෝගිකයන් නිතර දැනුවත් කරන්න හැකියාව ලැබේ.
10. වෙනත් පුද්ගලයන්ට තමන්ගේ වෙබ් අඩවියට හෝ සමාජ ජාල අඩවිවලට කල හැකි හානිය අවම වේ.
අළුත් ගමනක් ඩිජිටල් අලෙවිකරණය තුලින් යන්න හිතලා බලන්න. අදම ආරම්භ කලොත් ඔබේ ව්‍යාපාරයේ වෙනසක් මාස කිහිපයකින් ඔබට අත්කරගත හැකිවනු ඇති.

පුලස්ති වන්නිආරච්චි
අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණ ඉංජිනේරු හා ඩිජිටල් අලෙවිකරණ උපදේශක
www.seoranksrilanka.com