කෝටි 25 ක් වියදම් කරලා පුංචි ගමක හදපු කෝලි-අනුෂ්කා සිහින මාළිගය

විරාට් කෝලි හා අනුෂ්කා ෂර්මා කියන්නේ මේ දිනවල බොලිවුඩයේ ඉන්න ආදරණියම යුවළ. ඔවුන් දෙදෙනාගේ විවාහය සම්බන්ධයෙන් තවමත් බොලිවුඩය පුරා කතාබහට ලක්වනවා.
කෙහොම නමුත් මෙම ආදරණීය යුවළ පදිංචි වී සිටින්නේ  විරාට් කෝලි 2016 වර්ෂයේදී මිලදී ගත් බව කියන අති සුඛෝපභෝගී නිවාසක බවයි වාර්තා වන්නේ.
මුම්බායි නගරයේ පිහිටි මෙම නිවස ඉතා සුඛෝපභෝගීවන අතර ආසන්න වශයෙන් කෝටි 25 ක් පමණ මෙම නිවස මිලදී ගැනීම සඳහා වැයකොට ඇති බවයි සඳහන් වන්නේ.
35 වන තට්ටුවේ නිමවා ඇති මෙම නිවස ඉතාමත් අනර්ඝ නිවසක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. විරාට් මිලදී ගත් මෙම නිවස සමාගම් ව්‍යාපෘතියක්වන අතර ඔවුන් තම
ගැණුම්කරුගේ කැමැත්ත හා අවශ්‍යතාවය පරිදි එම නිවෙස් සැලසුම් කරන අතර මෙම ගොඩනැගිල්ලේ අන්තර්ගත වන්නේ ඉතාමත් මිල අධික නිවාස බවයි වාර්තාවල සඳහන් වන්නේ..
එහි ඡායාරූප පහතින්...

මධු