ජපානයේ වෙසෙන මුස්ලිම් ආගමික නායකයින් ඇතුළු නියෝජිත පිරිසක් ජනපති හමුවෙයි

ජපානයේ වෙසෙන මුස්ලිම් ආගමික නායකයින් ඇතුථ පිරිසක් ඊයේ (13) ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.
 
විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මලික් සමරවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.