වසර ගණනාවක් පැරණි වූ අයිශ්වර්යා – සල්මන් ආදර කතාව බිඳ වැටීමට බලපෑ ඇත්තම හේතු මෙන්න

සුපිරි බොලිවුඩ නළු සලමන් ඛාන් සහ සුරූපී නිළි අයිශ්වර්යා රායි අතර පැවති පෙම් පලහිලව්ව මුලු මහත් බොලිවුඩ් පුරය වගේම ලෝකයේම සිටින බොලිවුඩ් රසිකයන් ඉතා හොඳින් දන්නා ප්‍රසිද්ධ රහසක්.
මොවුන් අතර පැවති සම්බන්ධතාවය බිඳ වැටී බොහෝ කාලයක් ගත වූවද එම ආදර කතාව සම්බන්ධයෙන් තවමත් බොලිවුඩය පුරා කතා බහට ලක් වෙනවා.
සංජය ලීලා බන්සාලිගේ “හම් දිල්කේ චුකේ සනම්’ සිනමා පටයේ පෙම්වතුන් බවට පත්වූ මොවුන් සැබෑ ජිවිතයේදී ත් පෙම්වතුන් බවට පත් වුණා. ආරම්භයේදී
බොලිවුඩයේ ඉතාමත් ආදරණිය යුවළක් වූ මොවුන් දෙදෙනා වසර දෙකක් ඉක්ම යන්නත් පෙර විරසක වුණා.
මෙම ප්‍රේම සබඳතාවය බිඳ වැටීමට හේතු වශයෙන් විවිධ හේතු වාර්තා වුණත් 2002 වසරේද සල්මන්ඛාන් විසින් එයට හේතුව නිල වශයෙන් මාධ්‍යට පවසා තිබුණා.
එහිදී ඔහු පවසා ඇත්තේ තමා මීට පෙර ඇති කර ගෙන තබූ ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් අයිශ්වර්යාගේ පියා වන ක්‍රිෂ්ණා රායි නිරන්තරයෙන්ම සැක සහිත ලෙස කටයුතු කළ බවත් ඔහුගේ දියණිය අයිෂ්වර්යා රායිට තමා සලකන ආකාරයට ඔහු කැමති වූයේ නැති බවත්ය.
මේ හේතුන් නිසා මෙම සම්බන්ධතාවය ගැන ඔහු සතුටු වූයේ නැති බවත් ඔහු සල්මන්ට අකමැති වූ බවත් පැවසෙනවා තිබුණා. මේ හේතුවෙන් රායි පුව්ල සමග තිබුණා සබඳතා බිඳවැටිමට ලක්වූ බව සල්මන් පවසානවා.
නමුත් මේ සම්බන්ධය බිඳ වැටීමට හේතු වශයෙන් අයිශ්වර්යා මාධ්‍යට පවසා තිබුණේ සල්මන්ඛාන් අධික ලෙස මත්පැන්වලට ඇබ්බැහි වි සිටන්නෙකු බවත් ඔහුගේ මත් බව හමුවේ ඇය විසින් කායක මානසික හා ශරිරික වශයෙන් මහත් පීඩාවන්ට ලක්වූ බවයි. මෙ හේතුවෙන් ගෙරවාන්විත කාන්තාවක් ලෙස මෙම සම්බන්ධය නවත්වා දැමූ බවයි.
කිහිප සැරයක්ම සල්මන් ඛාන් අයිශ්වර්යාගේ පවුල ඉදිරියේ අශෝබනඅයුරින් හැසිරී ඇති අතර මේ හේතූන් නිසා මිය ගිය අශ්වර්යාගේ පියා දැඩි ලෙස අසනීපතත්වයන්ට පත්වූ බවත් වාර්තා වි තිබේ.

මධු විජේකෝන්