අතීතයේ යූටියුබ් කියන්නේ නිකම්ම නිකන් සෝෂල් මිඩීයා එකක් වුවත් වර්ථමානයේ
එය බොහෝ දෙනාට සල්ලි ලබා දෙන සල්ලි ආකාරයක් වී හමාරයි.මේ නිසාම
බොහෝ දෙනෙක් අද යූටියුබ් හි චැනල් එකක් පටන් ගෙන මොන මොන හෝ
වීඩියෝ අප්ලෝඩ් කිරීමට පෙළඹිලා තියෙනවා. වර්ථමානයේ බොහෝ මියුසික්
වීඩියෝද යූටියුබ් හරහා පමණක් එළි දකින්නේ මෙන්න මේ හේතුව නිසා.
බොහෝ දෙනෙක්ට ඇති ගැටලුවනම් කොහොමද මේ යූටියුබ් හරහා සල්ලි
හොයන්නේ කියන කාරණයයි.
මෙහිදී සිදුවන්නේ යම් කිසි වෙළඳ දැන්වීමක් අපගේ වීඩියෝ ව පටන් ගැනීමට පෙර
හෝ අතරමැද විකාශය කිරීමයි.ඒ සඳහා වෙළෙඳ දැන්වීම් ලබාදෙන ප්‍රධාන
සේවාදායකයෙක් ලෙස ගූගල් ඇඩ්සෙන්ස් හඳුන්වා දෙන්න පුළුවන්. ඔවුන් අපගේ
වීඩියෝවට ලැබෙන Views ගාණට ඒ අදාළ මුදල් අප වෙත ගෙවනු ලබනවා..නමුත්
වෙන රටවල් වලට සාපේක්ෂව ගූගල් ඇඩ්සෙන්ස් ශ්‍රී ලංකන් යූටියුබ් චැනල් වෙත
ගෙවන මුදලෙහි යම් අඩුවක් තිබෙනවා.
කෙසේ හෝ යූටියුබ් හරහා ලංකාවේ ජනප්‍රිය වූ යූටියුබ් තරු සහ ඔවුන්ගේ යූටියුබ්
ආදායම් මෙන්න මේ විදිහට ඔබට කියන්න පුළුවන්..
1.නාමල් බාලසූරිය

මේක එදිනෙදා අවශ්‍ය වන තාක්ෂණික මෙන්ම ජංගම දුරතකන ගැටලු පිළිබඳව
විග්රහ කෙරෙන යූටියුබ් චැනල් එකක් ඔහුගේ දළ මාසික යූටියුබ් ආදායම රුපියල්
1900-27000ත් අතර වෙනවා
2.video katha
මේක විද්‍යා හා තාක්ෂණික අංශය ගැන වීඩියෝ අඩංගු යූටියුබ් චැනල් එකක්.
ඔවුන්ගේ මාසික දළ යූටියුබ් ආදායම රුපියල් 2900-46000ත් අතර වෙනවා.
3.Podda
පොඩ්ඩව කවුරුත් දන්නේ ජෝක් වීඩියෝ නලුවෙක් විදිහට ඉතිං ඔහුගේ දළ මාසික
යූටියුබ් ආදායම රුපියල් 3500-55000ත් අතර වනවා
4.මලින්ද අලහකෝන් (Tech Track)
මේක විද්‍යා හා තාක්ෂණික අංශය ගැන වීඩියෝ අඩංගු යූටියුබ් චැනල් එකක්.
ඔහුගේ දළ මාසික යූටියුබ් ආදායම රුපියල් 4700-75000ත් අතර වෙනවා.
5.NAWRAN
නව්වවත් කවුරුත් දන්නේ ජෝක් වීඩියෝ නලුවෙක් විදිහට
ඔහුගේ දළ මාසික යූටියුබ් ආදායම රුපියල් 17000-200000ත් අතර වනවා
6.ජනයි ප්‍රියයි (Janai Priyai)
යූටියුබ් එකට ජෝක් වීඩියෝ නිර්මාණය කරන තවත් දෙපළක්
ඔවුන්ගේ මාසික දල යූටියුබ් ආදායම රුපියල් 58000-500000ත් අතර වනවා
7.Chanux Bro
තාක්ෂණික අංශය ගැන වීඩියෝ අඩංගු යූටියුබ් චැනල් එකක් වන මෙහි මාසික දල
යූටියුබ් ආදායම රුපියල් 53000-700000ත් අතර වනවා
8.Wasthi Productions “වස්ති”
විනෝදාස්වාදය උදෙසා වීඩියෝ සපයන මොවුන්ගේ මාසික දල යූටියුබ් ආදායම
රුපියල් 700000-1600000ත් අතර වනවා
විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ තියෙන්නේ පිටරටවල් වලට Adsense ගෙවන
මුදල් ප්‍රමාණය. ඉතිං ලංකාවට ගෙවන ප්‍රමාණයේ පවතින අඩුව නිසා යම්
වෙලාවල්වලට ඔවුන්ට හිමිවන්නේ එම ගාණෙන් 3/2 පමණ ප්‍රතිශතයක් වෙන්නත්
පුළුවන්
එමෙන්ම මතක් කල යුතුයි ලංකාවේ දැනට වැඩිම මුදලක් හිමි කරගන්න යූටියුබ්
චැනල් එක වෙන්නේ ටීවි දෙරණයි ලංකාවේ A වර්ගීකරනයේ තියෙන එකම එක
යූටියුබ් චැනල් එක වෙන්නේත් ටීවි දෙරණ පමණයි

ඔවුන්ගේ මාසික දල යූටියුබ් ආදායම රුපියල් 800000-2000000ත් අතර වනවා
Madhu Wijekoon
Madhu Wijekoon