පියාසරණය (6 කොටස)

නුපුරුදු උනත්, හුරුයි වගේ දැනෙන... එක්තරා විධියක මහා තනිකම පපුව කඩා වැටෙන්ට වගේ මහා බරක් වගේ දෙයක්, කබ ඇස් වලෙ පැටලෙන තෙත බරිත බවේ එල්ලිලා වගේ... ඔයාගේ පුංචි කාලෙ හැදුණු වැඩුණු විදිය කඳුකරය..
මට දැනෙන්නේ එ්වා වෙන වෙනම ලෝක කියලා...
ඔයා දන්නවාද...?
මට එ්වා ඇතුලේ... පා වෙලා වගේ සැහැල්ලූවෙන් ඕන තරම් එහා මෙහා යන්න පුළුවන් කියලා... එ් කොහේ හරි අඩියක් දෙකක් විතර මට ඔයත් එක්ක යන්න ආසයි...
හැමදේකටම වඩා මතක පොතේ එ් පිටු දෙකට මං ළං වුණේ 
අනෙක්වා කියවන්න තිබුණ ජවය පවා මැලවිලා යන ගානට... එ් හිරිවැටෙන සීතල හදවතට දැණෙද්දි කියලා ඔයා කියනකොට, පුපුරගෙන එළියට පනින්න හදන ගිනි කන්දක් වගේ මගේ පපුවට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා මං කල්පනා කළා...
කුඩා වියේ ලෙන්ගතු වුණු හිම වලහා ගණන් නොගන්නා කැලෑ කෙල්ලෙක් වගේ... හිරි වැටෙන හීතල පලාගෙන, පල්ලම් තාර පාර දිගේ උඩහට ඔයා එනකොට... මම තාමත් බලා ඉන්නේ බොහොම ලෙන්ගතුකමින් කියලා මට හිතෙනවා.
සුදු සුයිටරයටත්, ඇඟටත් අතරින් මහපටැඟිලි පටල පටල එ් වෙලාවේ ඔයා එද්දී මොන තරම් දුර හිටියත් මතක මායිමේ දැවටි දැවටී හිරි පොද වැස්ස ඔයාට කිති කවපු හැටි මේ දැං වගේ මට මතකයි.
පොතේ ඊළඟ පේලි දෙකට බොහොම හෙමින් මං එබෙද්දී... ඔයා හිටියේ ලොකු මල් තියෙන චීත්ත ගවුමක් ඇඳලා... ගලක් 
උඩට වෙලා... ඔය ඉවුරක... දන්නවද... වැලි කූරියන්ට කොලොප්පං කර කර.
ඔයා ගැන හිතෙන සිතුවිලි... මහා පුදුමාකාර දේවල්වලින් පිරිලා... ඉතිරිලා... පිටාර ගලනවා.
සමාවෙන්න කිනිති මට... එ්වා එකතු කරන්න මං ගාව මට වචන මදි. දවසක ඔයා ඇවිත් ඇහිද ගන්න.. මම එ්වා පරිස්සම කරන්නම්... එතකං මං ඔයාගේ ලස්සන සිතුවිලිවල පැටලි පැටලි ඉර හඳ පායන හැටි... ඔයා ඉඳගෙන හිටිය තැන්වලට වෙලා ඔයාගේ ඇස්වලින්ම බලන්නට 
උත්සාහ කරන්නම්...

රුවන්ති පෙරේරා
[email protected]