අභ්‍යවකාශ සුන්බුන් ඉවත් කිරීමට ජපානයේ නව සොයාගැනීමක්

ජපානය විසින් පෘතුවි කක්ෂයෙන් අභ්‍යවකාශ සුන්බුන් ඉවත් කිරීමට සැතපුම් භාගයක් පමණ දිග දැලක් වැනි ව්‍යුහයකින් සැදුනු භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාවක් දියත් කළා.

මෙම දැල වානේ කම්බි සහ ඇලුමිනියම් කෙඳි භාවිතා කර නිමවා ඇත්තේ කක්ෂයෙන් ඉවතට සුන්බුන් සෙමින් තල්ලු කර ඇදගන්නා ආකාරයටයි .

මෙම නවතම නිෂ්පාදනය නිමවීමට ධිවර දැල් සමාගමක් ඔවුන්ට සහය දැක් වූ බව ඔවුන් කියා සිටිනවා .

දැනට ගණනය කර ඇති වර්තා වලට අනුව රොකට් කොටස්, පරණ චන්ද්‍රිකා කොටස්, සහ තවත් බොහෝ අභ්‍යවකාශ උපකරණවල කොටස් ඇතුළුව මිලියන 100 කට අධික අභ්‍යවකාශ සුන්බුන් ප්‍රමාණයක් කක්ෂය තුල පවතිනවා .


මෙම සුන්බුන් වලින් බොහෝ ප්‍රමාණයක් අධික වේගයකින් යුතුව එනම් 28,000 kmph ක පමණ වේගයකින් පෘතුවිය වටා චලනය වෙමින් පවතින බවත් එම සුන්බුන් කොටස් එකිනෙක සමඟ ගැටීමෙන් ඉතා විනාශකාරී අනතුරු සිදු විය හැකි බවත් මේ හේතුවෙන් ලෝක කක්ෂීය සන්නිවේදන ජාලයට හානි විය හැකි බවත් ඔවුන් ප්‍රකාශ කර සිටිනවා .

මෙසේ කක්ෂීය සන්නිවේදන ජාලයට හානි ඇති වීමට දරුණුම හේතුව චන්ද්‍රිකා අතර සිදුවන ගැටුම් සහ චන්ද්‍රිකා විරෝධී අවි ආයුධ පරික්ෂාවයි .

මෙම සුන්බුන් එකතු කිරීමට නිමවා ඇති යාත්‍රාව, අභ්‍යවකාශ සුන්බුන් ජ්‍යාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට එකතු කර ඒවා විනාශ කර දමන උතුරු පැසිෆික් සාගරයේ ඇති Tanegashima අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගෙන යනවා යන අදහස ඇති Stork හෝ Kounotori යන නම් වලින් හදුන්වයි.

මෙම දැලට සුන්බුන් එකතු කර ඒවා වායුගෝලයේ පුළුස්සා දමන ස්ථාන වලට චලනය කිරීමට තරම් ශක්තියක් ඇති බව පර්යේෂකවරු කියා සිටිනවා .

එසේම මෙම නිෂ්පාදනයට ජපන් ධිවර දැල් නිෂ්පාදිතයකු වන අවුරුදු 106ක් වයසැති Nitto Seimo Co මහතා ද ජපන් අභ්‍යවකාශ සමාගම හා සම්බන්ධ වී තිබෙනවා .