2018 වසරේ ගතවූ කාලයට ෆේස්‌ බුක්‌ පැමිණිලි 300ක්‌

මෙම වසරේ ගතවූ මාස 2 කට ආසන්න කාලය තුළ ෆේස්‌ බුක්‌ සම්බන්ධයෙන් පැමිණිලි 300 කට අධික ප්‍රමාණයක්‌ ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්‌ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා "දිවයින"ට ඊයේ (25වැනිදා) පැවැසීය.
පැමිණිලි වැඩිම ප්‍රමාණයක්‌ කර ඇත්තේ කාන්තාවන් බවත්, එම ප්‍රමාණය සියයට 60 ක්‌ බවත් ඒ මහතා කීය.
මෙම පැමිණිලි අතර ව්‍යාජ ෆේස්‌ බුක්‌ ගිණුම් සෑදීම තම ඡායාරූපවලට වෙනත් අයගේ ඡායාරූප දමා විකෘති කිරීම, අනුන්ගේ ෆේස්‌ බුක්‌ ගිණුම් අංකවල රහස්‌ අංක සොයා ගෙන ඒවා වෙනත් අයථා කටයුතු සඳහා භාවිත කිරීම යනාදිය වන බවද හෙතෙම කීය. පසුගිය 2017 වසර තුළ ෆේස්‌ බුක්‌ සම්බන්ධ පැමිණිලි 3,800 කට අධික ප්‍රමාණයක්‌ ලැබුණු බවද ඒ මහතා සඳහන් කළේය.
මේ අතර ෆේස්‌ බුක්‌ සම්බන්ධයෙන් පැමිණිලි 0112691692 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.