Google My Business ඔබේ ව්‍යාපාරයටත්

Google My Business - www.google.com/business හදුන්වාදී ඇත්තේ ඔබේ ව්‍යාපාරය අන්තර්ජාලය තුල සොයන කෙනෙකුට පහසුවෙන් ඔබේ ව්‍යාපාරික ස්ථානය හා ව්‍යාපාරය සබැදි තොරතුරු සොයාගැනීමටය. එහීදී ඔබට අන්තර්ජාලය තුල තම අනන්‍යතාවය තහවුරු කිරීමට අවශ්‍ය කරන පහසුකම ලබාදී ඇත.
මෙමමගින් ඔබට Google ආයතනය මගින් තම එදිනෙදා ව්‍යාපාරික තොරතුරු, ඡායාරූප, ඔබටම කියා කුඩා වෙබ් අඩවියක් සාදාගැනීම හා ඔබේ පාරිභෝගිකයන් සමඟ සංවාදයෙහි යෙදෙන්නට අවශ්‍යකරන පහසුකම ලබාදී ඇත. ඔබේ ගණුදෙනුකරුවන්ට ඔබේ ආයතනය පිලිබඳ සාධනීය විවේචන හා හොඳ ලියාදැක්වීමට අවශ්‍ය පහසුකම ලබාදී ඇත.
ඔබ ආයතනය මගින් ලබාදෙන සේවා හා නිපදවන භාණ්ඩ පිලිබඳ උපකාරක තොරතුරු ලබාදීම තුලින් ඔබට නව පාරිභෝගිකයන් තම ව්‍යාපාරයට ආකර්ෂණය කරගැනීමේ හැකියාව වැඩිකරගැනීමට Google My Business මහඟු පිටුවහලක් ලබාදී ඇත. මේ තුල අන්තර්ගත Google My Business – Info ඔස්සේ ඔබේ ආයතනය පිලිබඳ සත්‍ය තොරතුරු යාවත්කාලීන කරගැනීමේ පහසුකම ඇත.



එමෙන්ම ඔබ ආයතනය මගින් ලබාදෙන නව සේවා හා නව නිපැයුම් පිලිබඳව ඉතා ඉක්මණින් පාරිභෝගිකයන් දැනුවත් කිරීමට හැකියාව ලබාදී තබීම හේතුවෙන් ඔබේ තරඟකරුවන් අභිබවමින් තම සේවා හා භාණ්ඩ පාරිභෝගිකයන් වෙත ගෙනයෑමේ පහසුකම මෙය සතුය.

ඔබේ ගණුදෙනුකරුවන් ඔබේ සේවාව හා භාණ්ඩ මිලදී ගැනීමෙන් පාරිභෝගික තෘප්තිමත්භාවය පරීක්ෂා කරගැනීමට ඔබට හැකියාව මෙමගින් සැලෙසෙන අතර, ඔබේ ආයතනයේ හොද සහ වැඩිදියුණු විය යුතු අංශ කෙරෙහි ඔබේ අවධානය යොමුකිරීමට Reviews කොටස ඔස්සේ ලැබෙන සාධනීය විවේචන, ගුණදොස් වැදගත්වේවි. එමගින් වඩාත් ආචාරශීලී හා කාර්්‍යක්ෂම සේවාවක් ඔබේ වටිනා පාරිභෝගිකයන්ට අඛණ්ඩව ලබාදීමට ඔබට අවකාශ සැලසේ.

සෑම මසකම අවසානයේ ඔබේ ව්‍යාපාරය අන්තර්ජාලය ඔස්සේ සේවූ පාරිභෝගිකයන් පිරිස, කොපමණ ප්‍රමාණයක් දිශාවන් සොයමින් ඔබේ ව්‍යාපාරික ස්ථානයට (Location) පැමිණියේද යන්න පැහැදිලිව දත්ත මගින් විමර්ශණය කරගැනීමට ඔබට Google My Business තුල ඇති insights ඔස්සේ හැකියාව ලැබී ඇත. එමගින් අලෙවිකරණය උදෙසා ඔබ විසින් ආයෝජනය කරන ලද මුදල කොතරම් ප්‍රායෝගිකද යන්න ඔබට වැටහීමක් ලබාගැනීමට මෙන්ම ඉදිරියේදී කෙතරම් ආයෝජනය කල යුතුද යන්න ඔබට තීරණය කිරීමට එම දත්ත ඉතා වැදගත් වනු ඇති.



ඔබේ ගිණුම ආරම්භ කිරීමෙන් පසු ඔබේ ලිපිනයට Google My Business මගින් කේතයක් (Verification Code) සහිත ලිපියක් තැපැලෙන් එවන අතර එම කේතය ගිණුමට එක්කිරීම තුලින් ඔබේ ව්‍යාපාරය තහවුරු කරගත හැකිවේ.
මෙහි ඇති Photos විශේෂාංගය ඔස්සේ ආයතනයේ ඡායාරූප, නිෂ්පාදන භාණ්ඩවල ඡායාරූප ඉතා පහසුවෙන් ඔබට එක්කරගත හැකිය. එම ඡායාරූප ඔබේ අන්තර්ජාල සේවීම් වැඩිකරගැනීමට බෙහෙවින් උපකාරී වෙයි.
ඔබේ ව්‍යාපාරය තැන් කිහිපයක පවත්වාගෙන යන්නේ නම් New Location ඔස්සේ ඔබට එම ස්ථාන එක්කරගැනීමේ පහසුකම් ලබාදී ඇත.
මෙය Google My Business පිලිබඳව සරල පැහැදිලි කිරීමක් වන අතර Google My Business තුලට පිවිස තවත් අධ්‍යයනය කර බලන්න. ප්‍රායෝගික අධ්‍යයනය තුලින් ඔබේ දැනුම තව තවත් වර්ධනය වනු ඇති.

පුලස්ති වන්නිආරච්චි
ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණ ඉංජිනේරු හා ඩිජිටල් අලෙවිකරණ උපදේශක
www.seoranksrilanka.com