Post reach එක වැඩි කරන ෆේස්බුක් රහස මෙන්න

සන්නිවේදන ක්‍රියාවලියේ අලුත් වෙනසක් ඇති කරමින් 2004 පෙබරවාරි මාසයේ 04
වැනිදා ආරම්භ වුන ෆේස්බුක් සමාගම ගැන අද ලොකු කුඩා හැම දෙනාම දන්නවා. ඒ
විතරක් නෙමෙයි මේ වනවිට ඔබත් රැයක් දවාලක් නැතිව එය පරිහරණය කරන පරිශිලකයෙක්.
නමුත් බොහෝ දෙනෙක් දන්නේ නැති ෆේස්බුක් ආයතනය සතු රහස් ගණනාවක්ම
තිබෙනවා. මේ කියන්නෙත් ඒ වගේ එක රහසක් ගැන.
දැන හෝ නෙදැන  ඔබ පවත්වාගෙන යන ඔබේ ෆේස්බුක් ගිණුමට පොස්ට් එකක්
දමන්න ඔබ කොයි මොහෙතකවත් ලත වෙව් ඉන්නේ නෑ. ඇත්තම කිව්වොත් ඒකට
වෙලාවක් කලාවක් අවශ්‍ය වෙන්නේ නෑ.
නමුත් ඒ අපි දන්න විදිහ. එහෙත් ෆේස්බුක් ආයතනය කියන විදිහට ෆේස්බුක්
එකට පෝස්ට් එකක් දාන්නත් හොඳම වෙලාවක් තිබෙනවා.
ඔවුන් පවසන්නේ රෑ 10ත් 11ත් අතර කාලය තුළ ඔබ යොමුකරන ෆේස්බුක් පෝස්ට්
සඳහා වඩා වැඩි අවධානයක් යොමු වෙනවා කියලයි.
ඒ අනුව මේ කාල සීමාව අතර දමන ෆේස්බුක් ෆෝස්ට්වලට 88% ක වැඩි
අවධානයක් ලැබෙන බව ෆේස්බුක් ආයතනය පවසනවා.
සරලවම කියනවනම් පෝස්ට් රීච් එක (post reach) වැඩි කර ගන්න හොඳම
වෙලාව තමයි මේ කාලය.
ඒ විතරක් නෙමෙයි ප‍්‍රශ්නාර්ථයකින් අවසන් වන පෝස්ට්වලට 162% ක වැඩි
අවධානයක් ලැබෙන බවත් ඔවුන් සොයාගෙන තිබෙනවා.

- මධු