කෝටි දෙකක ලක්ෂ හතලිහක අපේ ජාතියට ප්‍රෘඩ ඉතිහාසයක් ඇති මේ රටේ සමස්ථ අයිතිය ඇති අපිට ඇවැසි යුක්තිය.

"We want justice"
"Our leader, Prabakaran"
ඔවුන් යුක්තිය ඉල්ලුහ.
ඔවුන් ඊළම නම් වෙනම රාජ්‍යයක් ඉල්ලුහ. ඔවුන්ගේ නායකයා ලෙස LTTE නායක ප්‍රභාකරන් කියූහ.
ඔවුන්ගේ ජාතිය දමිළ බව ප්‍රකාශ කළහ.
ඔවුන් අවසානයේ ශ්‍රි ලංකා ජනපතිතුමන්ගෙන් නැවත අවධානය ඉල්ලූහ.
දිනය:2018.02.04 අභිමානවත් ශ්‍රී ලාංකික ජාතියේ ජාතික නිදහස් දිනය
ස්ථානය: බ්‍රිතාන්‍ය ශ්‍රි ලංකා තානාතිපති කාර්‍යාලය
බ්‍රිතාන්‍ය තුළ තහනම් කර තිබෙන LTTE සංවිධානය මෙළෙස පෙළ ගැසී විරෝදතා පළ කිරීම නිවැරදිද?
තවත් රටක නිදහස් දින දා ඒ රටේ නිදහසට විරුද්ධව රටේ තානාතිපති කාර්‍යාල වල මෙවැනි ක්‍රියාවන් කිරීමට අනුමැතිය දිය හැකිද?
ඒකීය රාජ්‍යයක් දෙකඩ කිරීමට මෙළෙස නීති විරෝධීව එක් රැස් වීම නීතිය ඉදිරියේ යුක්ති සහගතද?
අවුරුදු 30 මේරටේ මනුස්ස ඝාතනය කරමින් සෑහෑසිකකම් කළ ඔවුන්ව නැවත සාමය පසෙකළා කටයුතු කීරීම සාධාරණද?
ඉහත සියල්ල කළ ඒ තිරිසනුන් සාවදානව ගෙදර බලා යද්දි තමන්ගෙ ලේ ඇස් ඉස් මස් නහර තම ශරීරයම උකසට තබා මෙහෙයුම් හදපු යුධ වැදපු රටේ අහිංසක අම්මලගෙ දරුවො තමන්ගෙ යටතෙ ඉද්දි ඇස් පනා පිට මිලේච්ඡ ඝාතනයන්ට ලක්වුනු මව්බිමේ ඒකීඉයත්වය වෙනුවෙන් මේ මහපොළව වෙනුවෙන් යුධ වැදුනු බ්‍රිගේඩිය මහත්මයාගේ ලේ වලට එය නොදැනුනානම් ඔහු මේ දරණි තළයෙ සැබෑ පුතෙකු නොවෙයි.
මන්ද මගේ පියා මට දවසක් කිව්වා. පුතේ අපි මෙහෙයුම් වලට ගියාම අපිව LTTE එකේ තිරිසන්නු අල්ලගෙන ගිහින් අපේ කොල්ලන්ගෙන් ඇත්ත දැනගන්න හිසේ කෙස් අතේ පයේ නිය අමුවෙන් ගලවනවා,ඉන් පස්සෙ ඇස් උගුල්ලනවා කකුල් කපනවා ලෝදිය වක්කරනවා රත් වෙච්ච යකඩ කෑල්ලි පිටේ අලවනවා. වේදනාව ඉවසන්න බැරිව උන් මැරිලා යන්නෙ කටෙන් එක කෙළ බින්දුවක් රටට විරුද්ධවහළලා නෙවෙයි.
අද මෙතුමා මේ රටේ පරීක්ෂණ වලට යට වෙනවා. අද මෙතුමාගේ නිල ඇදුමෙ තේජස විලංගු පත් වලට අසු වෙලා. මතක තියා ගනිව් සිංහලයෙනි, දෙමලුනි, මුස්ලිමයෙනි උබලා අපි අද නිදහසේ හුස්ම ගන්නෙ මේ රණවිරුවො නිසා. උබලා අපි එදා අඩ අඩ ඉද්දි අපිට කන්න නිදහසක් දුන්නෙ ඔවුන්. මේ රට එකක් හැබැයි අපි උන්ට ණයයි . ඔවුන්ගේ ලේ වලින් නිදහස අරන් උන් නිසා ජීවත් වෙන අපි ඔවුන් වෙනුවෙන් අද සිටිමු.
වැරදි ඇති. ඒත් ඒ කකියන්නෙ උබලා අපි වෙනුවෙන් ඉතිරි මේ භූමියට තියෙන පපුකැහුතු වල ආදරය. මේ සාහසිකයන්ගේ කුරුරකම් වල වැගරුණු ලේ ආයෙ උන්ට දකින්න බැරි නිසා. මේ රටේ මනුස්ස වෙසින් ආ මුර දෙවියන් ඔවුන්.
මම පුංචි කෙල්ලෙක් ඒත් ඔබ වෙනුවෙන් හිතේ ලොකු ගෞරවයක් ආඩම්බරයක් තියෙන ඔබේ හයියෙන් ලොකු ශක්තියක් ඇති වුනු ශ්‍රී ලාංකිකයෙක්.

සටහන :හිමාෂි සමරක්කොඩි