සිංගර් කුසලාන අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවන වටය සදහා කලුතර විද්‍යාලය සුදුසුකම් ලබයි.

2017 සිංගර් කුසලාන අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවන වටය සදහා කලුතර විද්‍යාලය සුදුසුකම් ලබයි.
කලුතර විද්‍යාලීය වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම එම වයස් කණ්ඩායම් අතර පැවැති සිංගර් කුසලාන අන්තර් පාසල් දෙවන වටයේ ක්‍රිකට් තරගාවලියෙන් 03 වන වටයේ තරග සදහා සුදුසුකම් ලබාගන්නා ලදි. මේ සදහා සහභාගි වූ පාසල් අතර කෙළඹ ඩි.එස් සේනානායක විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, කොළඹ නාලන්ද විද්‍යාලය ද වේ.
2017.12.29 දින කොළඹ නාලන්ද විද්‍යාලය සමග පැවැති තරගයේ දී එම විද්‍යාලයේ සියලුම ක්‍රිඩකයින් දැවි ලබාගත හැකි වුයේ ලකුණූ 52 කි. එම පාසල වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් ක්‍රිඩකයින් ලෙස රුසිරු විලෝචන ලකුණු 16 ක් ද, රුක්ෂාන් ද සිල්වා ලකුණූ 18 ක් ද ලබාගන්නා ලදි. පන්දු යැවීමේ දී කලුතර විද්‍යාලයේ විශ්ව ධනංජය ලකුණූ 25 කට කඩු 05 ක් ද, දිනුක සිසිර ලකුණු 25 කට කඩුලු 04 ක් ද බිද දැමූහ.
කථතර විද්‍යාලයේ පළමු ඉණිමේ දී කඩුලු 9 කට ලකුණු 214 ක් ලබාගත් අතර පසිදු දුලාංජන ලකුණු 51 ක් ද හංසක අනූපම ලකුණු 55 ක් ද ලබාගන්නා ලදි.
නාලන්දා විද්‍යාලයේ දෙවන ඉණිම කඩුලු 07 ලකුණු 173 කි. මෙහිදී සජිත විතානගේ ලකුණු 72 ක් ද, රුසිරු විලෝචන ලකුණු 21 ක් ද ලබාගන්නා ලදි. පන්දු යැවීමේ දී කලුතර විද්‍යාලයේ පසිදු කවිෂ්ක ලකුණු 52 කට කඩුලු 04 ක් ලබාගත් අතර, මේ අනුව තරගය ජයග්‍රහණය කරමින් මෙම තරගාවලියෙන් කලුතර විද්‍යාලය තෙවන වටය සදහා සුදුසුකම් ලබාගන්නා ලදි.
පළමු වටයේ තරග වලින් තරග 05 ක් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට ද කළුතර විද්‍යාලය සමත්විය. තරග දෙකක් වර්ෂාව නිසා නොපැවැත්වුන අතර, තළුතර විද්‍යාලයේ 13 න් පහළ ඒ කණ්ඩායම අපරාජිත කණ්ඩායමක් ලෙස සිංගර් කුසලාන දෙවන වටයට මීට ඉහත දී සුදුසුකම් ලබා ගන්නා ලදි.
කළුතර විද්‍යාලයේ විදුහල්පති නෙවිල් ජයරත්න මහතා, ක්‍රිකට් භාර ආචාර්ය උපුල් කුමාර මහතා, ප්‍රධාන ක්‍රීඩා උපදේශක ලෙස සුනිල් සළුවඩන මහතා සහ ක්‍රීඩා පුහුණුකරු බුද්ධික මධුශාන්ත මහතා කණ්ඩායම බාරව කටයුතු කරන අතර, විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය ඇතුලු කලුතර විද්‍යාලයේ ක්‍රිඩකයින් මෙම ඡායාරූපයේ දැක්වේ.