ලොව සැරිසරන VK සාමාජ ජාලය

VK සාමාජ ජාලය Pavel Durov විසින් 2006 ඔක්තෝබර් මස 10 වෙනි දින ආරම්භය සනිටුහන් කරන ලදී. රුසියාව, යුක්රේනය, අසර්බයිජාන්, එස්ටෝනියා, ලිතුවෙනියා සහ ඊශ්‍රායෙලයෙහි වඩාත් ප්‍රචලිත රුසියාවේ ප්‍රසිද්ධ සමාජ ජාල අඩවියක් වන VK ගැන අද ඔබවෙත ගෙන හැර දක්වන්නට සිත්විය. ඊට හේතුව එම සමාජ ජාල අඩවිය භාවිතා කරන ශ්‍රී ලාංකිකයන් බොහෝමයක් මේ වනවිට සිටින හෙයිනි. VK සාමාජ ජාලය සිංහල භාෂාව සදහාද පහසුකම් සලසා ඇති සමාජ ජාල වෙබ් අඩවියකි. එමෙන්ම මෙය යූරෝපීය විශාල සමාජ ජාල අතරින් එකකි. St. Petersburg හි මෙහි මුලස්ථානය පිහිටා ඇති අතර. භාෂා 83 කින් මෙහි සේවාව ලබාගත හැකි අතර රුසියානු භාෂාව ප්‍රමුඛ ස්ථානයක් ගනී. මෙහි පණිවිඩ යැවීම ප්‍රසිද්ධියේ සහ පෞද්ගලිකව සිදු කල හැකි අතර ෆේස්බුක් (facebook) සමාජ ජාලය මෙන් තමන්ගේ පිටු සෑදීම, ඡායාරූප එක් කිරීම, ගෘෘප් සෑදීම, චැට් කිරීම, ඉවෙන්ට් සෑදීම සිදු කල හැකිය. 



2016 ජූනි මාසය වන විට VK සාමාජ ජාලය සතුව පුද්ගල ගිණුම් මිලියන 369 තිබුණු අතර එය දිනෙන් දින වර්ධනය වෙමින් පවතී.  මෙය අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවි අතරින් 16 වැනි ස්ථානය ගනී.  මෙය ජනප්‍රියතාවයෙන් ලෝකයේ 4 වෙනි ගන්නා වෙබ් අඩවියයි.



ඔබේ විද්‍යුත් ලිපිනය හා දුරකථන අංකය ලබාදී ඔබේ ගිණුම ආරම්භ කල හැකි අතර, ඔබේ පෞද්ගලිකත්වය රැකගැනීමට මෙහ අවශ්‍ය සැකසුම් තිබීම විශේෂත්වයකි. ඔබට ඔබේ සිතැගි පැවසීම මෙන්ම ඡායාරූප එක්කිරීම, වීඩියෝ එක්කිරීම, ගීත, ගොනු, සටහන්, සිතියම්, චිත්‍ර, ප්‍රශ්ණ හා වේලාවන් එක්කීරීම ඔබේ ගිණුමේ පහසුවෙන් සිදුකර ගැනීමට පහසුකම් සලසා ඇත.



එමෙන්ම මෙහි ඇති විශේෂත්වයක් වනුයේ ඔබ කැමති ගීත ඇල්බමයක් සදා සමාජ ජාලය තුල ඔබ මොබ ගමන් කරන ගමන් ගීත වලට සවන් යොමුකිරීමේ පහසුකම සලසා ඇත. එමෙන්ම මෙහි විඩියෝ නැරඹීමටද වෙබ් අඩවිය තුල පහසුකම් සලසා ඇත.


 
මෙහි අනෙක් සමාජ ජාලවල දකින්නට ලැබෙන විශේෂාංග රාශියක් අන්තර්ගත කර ඇත. එමෙන්ම සිත්ගන්නා පසුබිම හා සරලව හදුනාගැනීමට මෙන්ම පහසුවෙන් ඔබමොබ ගමන් කල හැකිය.



මෙහි ප්‍රමුඛතාව ලබාදී ඇත්තේ මිතුරන් එක්කරගැනීම, ඡායාරූප, ගීත ඇල්බම්, විඩියෝ සහ පරිගණක ක්‍රිඩා සදහාය.
ඔබ ඔබේ ගිණුමට ඇතුළු පසු ඒ මොහොතේ අඩවිය සමඟ එක්වී සිටින මිතුරන් පෙන්වන අතර ඔවුන් ඉතා පහසුවෙන් ඔබට දැකගැනීමේ අවස්ථාව සලසා ඇත.



ඔබටත් ඔබේ පිටුවක් සකසා ගැනීම මෙන්ම පිටු සදහා එක්වීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත.





 

ව්‍යාපාරිකයන් සදහාද මෙය කදිම තෝතැන්නකි. තමන්ගේ ව්‍යාපාරය තව තවත් ලෝකය අතරට ගෙන යාමට මෙම වෙබ් අඩවියත් උපකාරී කරගත හැකිය.

ඔබත් VK සාමාජ ජාලය අත්විද බලන්න www.vk.com




පුලස්ති වන්නිආරච්චි

අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණ ඉංජිනේරු

www.seopula.com

www.vk.com/pulasthi