Twitter සමඟ ලොව සැරිසරන්න.

වර්ථමානයේ වඩාත් ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවි අතරින් ඉහලින්ම සිටින වෙබ් අඩිවියකි Twitter. මෙය තම යහළුවන්, පවුල හා තමන් සමඟ එකට වැඩ කරන්නාවූ මිතුරන් සමඟ තම අදහස්, ඡායාරූප, විඩියෝ බෙදා ගැනීමට, සංනිවේදනය කරන්නට නිර්මාණය කරන ලද වෙබ් අඩවියකි. ශ්‍රී ලංකාවේ තරමක් මන්දගාමීව භාවිතා කලද දියුණු බොහෝ රටවල ඉතා ජනප්‍රිය සමාජ ජාල අඩවියකි. මෙමගින් ඉතා කෙටි පණිවිඩ තම ගිණුම තුලින් අනන්‍යන් අතර බෙදා හදාගත හැකි අතර තම ඡායාරූප, විඩීයෝ, වෙබ් අඩවි වල ලින්ක්ස් හා අකුරු 140කට සිමා වන පණිවිඩයක් තම ගිණුමට ඇතුලත් කරගත හැකියි. මෙහිදී තම ගිණුම හා සම්බන්ධව සිටින යහළුවන් මෙන්ම Twitter තුල තොරතුරු, පුවත් සොයන්නාවූ අයට ඔබගේ පණවිඩය දැකගැනීමට හැකියාව සලසා දී ඇත. ඔබට ඔබේ ජංගම දුරකථනයෙන් මෙන්ම වෙනත් ඕනෑම අන්තර්ජාලය භාවිතා කල හැකි ඩිජිටල් උපකරණයක් සමග Twitter හා සම්බන්ධ විය හැකිය.

Twitter ගිණුමේ ඔබ අන් අය follow බොත්තම ආධාරයෙන් ඔබේ ගිණුමට එක් කරගත් විට ඔවුන්ද ඔබව ඒ ආකාරයටම follow කල විට ඔබ හා ඔවුන් අතර සබඳතාවය ගොඩ නැගේ. Twitter නොමිලේ ලබාදෙන සේවාවක් වන අතර එය සමාජ ජාලය තුල microblogging සේවාවක් ලෙසද හදුන්වනු ලබයි. ඔබ විසින් අන් අය සමඟ බෙදා ගන්නා කෙටි පණිවිඩය Tweets ලෙස හදුන්වනු ලබයි. මෙම Tweets සමඟ එම පණිවිඩය Twitter හි වැඩි දෙනාගේ දැනගැනීම පිණික ‪#‎Tag‬ ලෙස හදුන්වනු ලබන කෙටි නාමකරණයන් එක් කරනු ලබයි. මෙම නාමකරණය රටවල් සදහාද යොදාගනී. උදාරණයක් ලෙස ශ්‍රී ලංකාව සදහා යොදාගනු ලබන #Tag (hashtag) ලෙස ‪#‎lk‬ ‪#‎SriLanka‬ ‪#‎lka‬‪#‎lkr‬ හැදින්විය හැකිය. එමෙන්ම ඔබ පුද්ගලයන්, රටවල්, භාණ්ඩ හා තමන්ගේ සේවාවන් වෙනුවෙන් මෙම #Tag යොදාගත හැකිය. උදාරණ ලෙස ‪#‎Toyota‬, ‪#‎People‬, ‪#‎HR‬,‪#‎Love‬ ‪#‎Au‬ හැදින්විය හැකිය.



Twitter ගිණුමේ එක් පණිවිඩයක් අකුරු 140කට සීමා කරඇත්තේ එම සමාගම ඔබගේ පණිවිඩය කෙටි හා මනරම් (Short & Sweet) ලෙස පවත්වාගෙන යෑමට අවශ්‍ය නිසාවෙනි. වර්ථමානයේ අධික කාර්ය බහුල ජීවිත ගත කරන බොහෝදෙනා කාර්ය බහුලත්වය නිසාවෙන් ඉතා දීර්ඝ ලිපි කියවීම සදහා කාලය ගත කිරීමට නොහැකිය. එම නිසා මෙමගින් ඉතා කෙටියෙන් අවශ්‍ය කරන පණිවිඩය ලබාදීමේ හැකියාව ඇත. එමෙන්ම ඔබේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් ලෙස ලබාගැනීමේ හැකියාව ලබා දී ඇත. Twitter ගිණුමේ එක් පණිවිඩයක් අකුරු 140ක් හා පුද්ගල නමකට අකුරු 20ක් ලබාදී ඇත. එක් පණිවිඩයක් වෙනුවෙන් වෙන් කර ඇති මුළු අකුරු ගණන 160කි.

ඔබ කෙනෙක් හෝ සමාගමක් follow කිරීම යනු ඔවුන්ගේ Twitter පණිවිඩ ඔබ අනුසන් (subscribe) කරයි. ඔබ කෙනෙකු හෝ සමාගමක් follow කිරීමෙන් පසු ඔවුන්ගේ නව පණිවිඩ හා ප්‍රදර්ශිත ඔබගේ මුල් පිටුව තුල ප්‍රචාරය කෙරේ. එමෙන්ම ඔබේ පණිවිඩ ඕනෑම අයෙකුට කියවීමේ හැකියාව ඇතත්. Protect Tweets මගින් ඔබේ පණිවිඩ අන්අය දැකීමෙන් ආරක්ෂාකාරී කරගත හැකිය. එමෙන්ම පෞද්ගලික පණිවිඩ යැවීමේ හැකියාව Messages තුලින් ලබාදී ඇත. ඔබේ Tweets අනෙක් සමාජ ජාල වෙබ් අඩවි සමඟ බෙදාගැනීම සදහා අවකාශය ලබා දී ඇත. උදාහණයක් ලෙස ඔබේ facebook, linkedin ගිණුම් හා Twitter ගිණුම එකවර යාවත් කාලීන (Update) කරගැනීම හැකියාව ලබා දී ඇත.

මෙහි ඇති තවත් විශේෂ ලක්ෂණය වනුයේ ඔබ කැමැත්තක් දක්වන වෙනත් ගිණුමක ඇති පණිවිඩයක් තම ගිණුම තුල බෙදාගැනීමේ හැකියාවයි. මෙය අප Retweet (RT) ලෙස හදුන්වනු ලබයි. ඔබේ පණිවිඩයද යම් අයෙක් කැමැත්තක් දක්වයි නම් ඔවුනටද Retweet කරගතහැකිය. සාමාන්‍යයෙන් 3200ක් පමණ ඔබේ පණිවිඩ එහෙමත් නැත්නම් Tweets පෙන්වන අතර ඉතිරිය Twitter Archive තුල ගබඩා කර තබා ඇත. ඔබට ව්‍යාපාරයක් ඇත්නම් නව ගැණුම්කරුවන් සොයාගැනීමට කදිම තෝතැන්නක් Twitter මගින් නිර්මාණය කරදී ඇත.
Twitter help තුලින් ඔබට පැන නගින ගැටළු විසදා ගැනීමට හැකියාව ඇත. ඔබත් Twitter ගිණුමක් නැත්නම් අදම Twitter ගිණුමක් සදාගෙන නැවුම් අත්දැකීම විදගන්න.


පුලස්ති වන්නිආරච්චි
අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණ ඉංජිනේරු