මෙවැනි විද්‍යුත් ලිපි ගැන ඔබ දන්නවාද?

ඔබට එදිනෙදා කාර්යාල කටයුතුවලදී මෙන්ම පෞද්ගලික කාරණා උදෙසා විවිධ විද්‍යුත් පණිවිඩ ලැබෙන්නට පුළුවන. සමහර පණිවිඩ ඔබ නොදන්නා කෙනෙකුගෙන් වටිනා දෙයක් පිළිබඳව හෝ මුදලක් පිළිබඳව දන්වා එවන විද්‍යුත් පණිවිඩ විය හැකිය. එවැනි දේට නොරැවටෙන්න වග බලාගන්න. ඔබට ලැබෙන පණිවිඩයට ඔබ පිලිතුරු ලිවීමේදී බෙහෙවින් කල්පනාකාරී වන්න. ඔබේ බැංකු ගිණුම් අංක, කෙඩිට් කාඩ් අංක ලබාදීමෙන් වලකින්න. ඔබ වෙත එවා ඇති වෙබ් අඩවිවල ලිපිනයන් ක්ලික් කොට එහි ඇතුලත්වීම උදෙසා ඔබේ තොරතුරු ලබාදීමේදී බෙහෙවින් කල්පනාකාරී වන්න. බොහෝවිට එම වෙබ් අඩවිවල නාමයන් කිසිදු අර්ථයක් නොදෙන නාමයන් විය හැකිය. සුළු ප්‍රමාද දෝෂයකින් ඔබ සතු මුදල් සියල්ල වෙනකෙකුගේ අතට පත්විය හැකිය. පහත පෙන්වා දී ඇත්තේ එවැනි විද්‍යුත් පණිවිඩයකි. මෙවැනි පණිවිඩ විවිධ ස්වරූපයන්ගෙන් ඔබ වෙත ලැබීමේ හැකියාවක් ඇත.



මේ වනවිට අන්තර්ජාලය භාවිතා කරන ශ්‍රී ලාංකිකයන් සැලකිය යුතු ප්‍රමාණයක් මෙවැනි විද්‍යුත් පණිවිඩ හේතුවෙන් කරදරවලට මුහුණ දී සිටින අතර තම සයිබර් ආර්ක්ෂාව ගැන වඩාත් සැලකිලිමත්වීමෙන් ඔබට මෙවැනි අනවශ්‍ය අකරතැබ්බවලට ලක්වීමෙන් තොරව තම ආරක්ෂාව සලසාගත හැකිය. 

පුලස්ති වන්නිආරච්චි
ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණ ඉංජිනේරු හා
ඩිජිටල් අලෙවිකරණ උපදේශක
www.seoranksrilanka.com