ශ්‍රී ලංකා - පාකිස්තාන තරඟ කාලසටහන ප්‍රකාශයට පත්කෙරේ

පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයට අයත් තරඟ කාලසටහන අද (22) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා. මෙම තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර එම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වනවා. පළමු ටෙස්ට් තරගය එළඹෙන ජූලි 16 වැනිදා සිට 20 වැනිදා දක්වා ගාල්ලේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර දෙවැනි ටෙස්ට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ජූලි 24 වැනිදා ආරම්භ වීමට නියමිතයි.