නයිජීරියාවේ කතෝලික දේවස්ථානයක ප්‍රහාරයකින් පුද්ගලයින් 50 ක් මරුට

නයිජීරියාවේ කතෝලික දේවස්ථානයක තුවක්කු කරුවන් විසින් සිදු කළ ප්‍රහාරයකින් කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයින් 50 ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තුවක්කුකරුවන් පල්ලියේ ගොඩනැගිල්ලෙන් පිටත සහ ඇතුළත සිටි පුද්ගලයින්ට වෙඩි තබා බැතිමතුන් ඝාතනය කර ඇති බවයි ඔන්ඩෝ ප්‍රාන්තයේ පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ. ප්‍රහාරයට හේතුව පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එරට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.