WhatsApp හි Emoji ප්‍රතික්‍රියා සෑම කෙනෙකුටම ලබා දීමට පටන් ගනී.

පසුගියදා ලොව පුරා සිටින සියලුම WhatsApp පරිශීලකයන්ට පනිවිඩයකට React ඉමොජි දැමීමේ හැකියාව ලබාදීමට එම සමාගම කටයුතු කරන ලදී, ඒ අනුව ඔබට ඉමෝජි හයෙන් එකකින් ප්‍රතිචාර දැක්වීමට හැකි වනු ඇත: මාපටැඟිල්ල ????, රතු හදවත ❤️, සතුටු කඳුළු සහිත මුහුණ ????, විවෘත මුඛය සහිත මුහුණ ????, අඬන මුහුණ ????, සහ Folded Hands ????.

ඊට අමතරව, 2GB ගොනු බෙදාගැනීම සහ කණ්ඩායම් සාමාජිකයින් 512 දක්වා වැඩි කිරීමේ තවත් විශේෂාංග දෙකක් WhatsApp සමාගම හඳුන්වා දුන්නේය.