කීර්තිගේ උපන් දිනයට වයලීන දාහක පරිත්‍යාගයක්

ජනප්‍රිය සංගීතවේදී කීර්ති පැස්කුවෙල් සිය ජන්ම දිනය වෙනුවෙන් ජනවාරි මස 29 දා කොළඹ පදනම්ආයතනයේදී රටපුරා විසිරී සිටින සංගීතය ඉගෙණගැනීම සදහා අවශ්‍ය වයලීන දහසක් පරිත්‍යාග කරන ලදී. මෙදින සියලුම සංගිතකලාවට සම්බන්ධ කලාකරුවන්ගේ නම් හා දුරකතන අංක ඇතුළත් දුරකතන නාමාවලිය හා දිනපොතද නිකුත් කරනු ලැබීය.

මෙහිදී ආචාර්ය නන්දා මාලිනී,ආචාර්ය රෝහණ වීරසිංහ,ආචාර්ය රවින්ද්‍ර රන්දෙනිය,සංගීතවේදීන්වන සරත් ද අල්විස්,මහින්ද බණ්ඩාර,ජානක වික්‍රමසිංහ,අර්නස්ට් ද සොයිසා සහ සම්භාවනිය අමුත්තන් රැසක් මෙම උත්සවයට සහභාගිවී සිටියහ.
  1. සංගිතවේදී මහින්ද බණ්ඩාර වීසින් දියණියකට වයලිනයක් පරිත්‍යාග කළ අන්දම.
  2. කීර්තිගේ වෙබ් අඩවිය දියණියන් දෙදෙනා  සමග එක්ව ජනගතකළඅන්දම.
  3. සංගීතවේදී සරත් ද අලවිස් සංගිතවේදී අරන්සට් ද සොයිසා හා කීර්ති එක්ව දරුවෙකුට වයලිනයක් පරිත්‍යාග කළ අවස්ථාව.
  4. ආචාර්ය රවින්ද්‍ර රන්දෙනිය විසින් දුරකතන නාමාවලිය පළමු පිටපත  සංගීතවේදී සරත් ද අල්විස් වෙත ලබාදිම.
  5. ආචාර්ය නන්දා මාලිනි සිය උණුසුම් සුබ පැතුම කීර්තිට පිළි ගැන්වීම
  6. මෙදින සහභාගි වූ දරුවන්ගෙන් කොටසක්
- උපාලි බණ්ඩාර වීරසේකර