රෝහල් 40කට ඩිජිටල් එක්ස්-රේ ක්‍රමයක්


 ඊ- හෙල්ත් (e- Health ) ක්‍රමය ක්‍රියාත්මක කරමින් ඩිජිටල් එක්ස් රේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
රෝහල් 40ක ඊ හෙල්ත් (e- Health) ක්‍රමය යටතේ ඩිජිටල් එක්ස් රේ ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් රෝගීන්ට ඉලෙක්ට්‍රොනික් කාඩ්පතක් හඳුන්වාදෙන බවත් අමාත්‍යවරයා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.