විනාඩි 10 - 20ක අත්දැකීමක්

හිතුවෙ නැති වාහනේක, හදිසියේ ඔයා එක්ක එන්න ලැබුනු ඒ විනාඩි 10-20 ජිවිතේ කවදාවත් නැති විදියෙ අත්දැකීමක් උනා.. මම ඔයාව හොයාගෙන ආපු එකට අකමැත්තක්, නොරුස්සන ගතියක් වගේම, මට කැමැත්තක් වගේ දෙයකුත් මට දැනුනා. තරහයි ආයෙ ඕන නෑ කියද්දි, හරි ඒනම් මම යන්නම් කිව්වාම, මගේ අතින් තද කරල අල්ලගත්ත හැටි මට මැරෙන තුරාවට අමතක වෙන එකක් නෑ..
ආයෙත් තරහ වෙලා, ටික දුරක් ගිහින් මගේ පපුවෙ ඔළුව තියාගෙන ආපු විදියත් මට අමතක වෙන එකක් නෑ..
එහෙම කිසිකෙනෙක් මගේ මේ ජිවිතයේ ඇවිල්ලා නැති නිසා..
ඒ හැඟීම් සරල නෑ.. හිත් රිදීම් දුක් වීම් අප්‍රමාණය එක්ක, මගේ ඉවසීම ගැන මටත් පුදුමයි.. මම වැඩිය ඉවසන කෙනෙක් නෙමෙයි කියල දන්නෙ මගෙ ලගම අය විතරයි.. ටිකෙන් ටික වයස එක්ක මං පරිණත වෙලාද මංදා..
කාලය රන් හා සමානයි කිව්වට, කාලය ගියාම ආයෙ මොන විදියටවත් ගන්න බැහැ.. රත්තරන් පුලුවන්නේ එක එක ආකාර වලට ගන්න.. උණු කරලා හරි මොන විදියට හරි.. කාලය එහෙම බෑ..
ඒනිසා සංසාරේ හැමදාම ඒ ගමන මගෙ හිතේ තියේවි.. විඥානයේ රැඳිලා තියේවි..
අපි අපේම උනත් නැතත්, සංසාරේ ආයෙ කවදමහරි මුණගැහුනොත්, භවයෙන් වැහිලා නිසා මතකයේ නැති උනත්, ඒ හුරුපුරුදු ගතිය තියේවි.. ඔයාව දකිද්දි ඒ සැනසීම - සතුට නුපුරුදු හිනාවක් විදියට ඔයාට දකින්න ලැබේවි...
හරියට නුපුරුදු ඔබ දුටු පළමු දිනේ සුපුරුදු ලෙස දැනුනා වගේ...

- යථාර්ථවාදි ජනතාවාදියා