රටේ ආර්ථික ප්‍රශ්නවල හේතුව කොරෝනා වසංගතය යන්න අතදරුවන් පවා දන්නා කරුණක්-වසන්ත යාපා

රටේ ආර්ථික ප්‍රශ්නවල හේතුව කොරෝනා වසංගතය යන්න අතදරුවන් පවා දන්නා කරුණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි. 

 

"ඉතාමත්ම සද්භාවයෙන් අපි පිළිගන්නවා භාණ්ඩ මිලේ වර්තමානයේ සිදුවන මේ අනපේක්ෂිත ඉහළයාම පිළිබඳව. මම මේකෙදි අපේ නිදහසට කරුණු කියන්නෙ නෑ. මේ රටේ ආර්ථික අර්බුදවල කේන්ද්‍රය කොරෝනා බව අතදරුවන් පවා දන්නා කාරණාවක්. නමුත් පුදුමය විපක්ෂය සදාකාලිකවම කොරෝනාවෙන් දේශපාලනය කරන්න උත්සාහ කරනවා. රටේ මහජනතාව උසිගන්වනවා. පිඟන් 1000ක් හෝදනකොට අපි අතින් එකක් දෙකක් කැඩිලා බිඳෙන්න පුළුවන්" 

වසන්ත යාපා බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.