Google Drive අරුමය අත්විඳිමු.

Google ආයතනය මගින් ඔබේ පහසුව උදෙසා Google Drive හදුන්වා දී ඇති අතර, මෙය හදුන්වා දී යම් කාලයක් ගෙවී ගොස් ඇතත්, තවමත් ශ්‍රී ලාංකික අපි මෙය භාවිත කරන්නේ ඉතා අල්ප වශයෙනි. පරිගණකයක් භාවිත කර ඇති ඔබ අනිවාර්යයෙන් Microsoft Office භාවිතකර ඇතිවාට සැකයක් නැත. ඒ ආකාරයෙන්ම Google Drive ඔබට ඔබේ ලිපිගොනු, ලිපි සදාගැනීමේ පහසුකම සලසා දී ඇත. මෙහි ඇති ප්‍රධාන වාසිය වන්නේ ඔබට ඔබේ ලිපිගොනු ක්‍රමානුකූලව හා සුරක්ෂිතව ඔබේ පරිගණයේ දෘඩතැටියේ (Hard Drive) ගබඩා නොකොට Google Drive තුළ ගබඩා කරගත හැකිවීමය. එමගින් ඔබේ පරිගණයේ ඉඩ ඉතුරු කරගැනීමට ඔබට හැකියාව ලැබීම අමතර වාසියකි.
මෙහි ඇති පහසුකම් අත්විදින්නට මෙම වෙබ් අඩවියට පිවිසෙන්න. www.google.com/drive.


Google Drive  15 GB ඉඩක් ඔබට නොමිලයේ ලබාදී ඇති අතර, ඒ තුළ ඔබ සතු ඡායාරූප, ලිපි, නිර්මාණ, වීඩියෝ, පටිගතකිරීම් හා ඕනෑම දෙයක් ගබඩාකරගත හැක. එමගින් ඔබට ඕනෑම තැනකින්, අන්තර්ජාලයට එක්වන්නට භාවිතා කරන ඕනෑම් උපකරණයකින් මේ දේවල් නැරඹීම, භාගත කිරීමේ පහසුකම ලබා දී ඇත. ඒ සඳහා අවශ්‍ය වන්නේ ඔබ සතු Google ගිණුම එහෙමත් නැත්නම් Gmail ගිණුමයි. එමගින් ඔබ කොහේ ගියත් ඔබේ ලිපිගොනු ඔබ සමඟ එනු ඇත.

Google Drive හා සම්බන්ධ ඔබට ලබාගත හැකි සේවාවන් වනුයේ,
Google Docs, Google Sheets, Google Slides, Google Forms, Google Drive for Work, Google Cloud Platform, Google Apps for Education, Google Apps for Government, Google Business Solutions ය.



Google Docs, Google Sheets, Google Slides භාවිතය ඉතා පහසුය. ඔබ Microsoft Office පැකේජය භාවිතා කර ඇත්නම් එය ඒ ආකාරමය. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඔබේ කාර්යාලයේ හෝ ඉගෙනුම ලබන ස්ථානයේ ඔබේ ඉහළ නිලධාරීන්ට, ඔබේ ගුරුවරුන්ට, ඔබේ මිතුරන්ට ඔබ සිදුකරනු ලබන කාර්්‍යයට ඒ මොහොතේම ඕනෑම ස්ථානයක සිට සම්බන්ධ විය හැකි වීමයි. ඔබ සතු ලිපි හෝ ලිපි ගොනු අන් අය සමඟ බෙදාගැනීමට පුළුවන් පහසුකම මෙහි ලබාදී ඇත. එමගින් ඔබේ කටයුතු වඩාත් කාර්්‍යක්ෂමව ඉක්මණින් කරගත හැකිවේ. විද්‍යුත් පණිවිඩ යවමින් හා ඒ සඳහා පිලිතුරු බලාපොරොත්තුවෙන් කාලය නාස්ති කිරීම අවශ්‍යවේ. එමෙන්ම මෙහි ඇති තවත් විශේෂත්වයක් වනුයේ ඔබ විසින් කරනු ලබන කටයුත්ත ඒ මොහෝතේම ස්වයංක්‍රීයව සුරක්ෂිතවීමයි (Save). 25MB වඩා වැඩි ධාරිතාවයක් ඇති වීඩියෝ, ඡායාරූප ඉතා පහසුවෙන් Google Drive හරහා තවත් කෙනෙකුට යැවීමට දැන් ඔබට හැකියාව ලබාදී ඇත.

තවත් ලිපියකින් ඉදිරියේදී මේ පිළිබඳව සාකච්ඡා කරමු. එතෙක් ඔබ Google Drive අත්හදා බලන්න.


පුලස්ති වන්නිආරච්චි
ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණ ඉංජිනේරු හා
ඩිජිටල් අලෙවිකරණ උපදේශක
www.seoranksrilanka.com