අනාගතය රඳා පවතිනුයේ එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජීවනය මතයි - අග්‍රාමාත්‍ය

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිව්යෝර්ක් නුවරට ළඟා වී තිබෙනවා. එරට වේලාවෙන් 18 වනදා ප.ව. 2.30 ට ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස නිව්යෝර්ක්හි ජෝන් එෆ්. කෙනඩි අන්තර්ජාතික ගුවන් තොටුපොළට ළඟා වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ඒ අනුව ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් විසින් පිළිගෙන තිබෙනවා.