එක්සත් ජාතික පක්ෂය අනගාරික ධර්මපාලතුමන්ගේ සහ ජේ.ආර් ජන්ම දින සමරයි

අනගාරික ධර්මපාලතුමන්ගේ සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායක සහ ප්‍රථම විධායක ජනාධිපති  ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ජන්ම දින සමරුව ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන එජාප නායකයින්ගේ සහභාගීත්වයෙන් ආගමික වැඩසටහනක් රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙන් විහාරස්ථානයේදී අද (17) පැවැත්විණි. 

අනගාරික ධර්මපාලතුමන් සහ හිටපු ජනාධිපති දිවංගත ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ජන්ම දිනය මෙන්ම එක්සත් ජාතික පක්ෂයට වසර 75ක් පිරීම, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගෙන වසර 75ක් පිරීම මෙන්ම  ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාවට නිදහස ලැබීමද සිහිපත් කරමින් මෙම ආගමික වැඩසටහන පැවැත්වීම විශේෂත්වයක් විය.

මෙම අවස්ථාවට පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය, එජාප බෞද්ධ කමිටුවේ සභාපති මහරගම සංවිධායක නීතීඥ සුදත් ජයසුන්දර, බෞද්ධ කමිටුවේ ලේකම් මහරගම නාගරික මන්ත්‍රීනී රේණුකා සේනාරත්න සහ   රත්මලාන එජාප බලමණ්ඩලයේ ලේකම් හිටපු නාගරික මන්ත්‍රී අකිල රාජපක්ෂ  යන මහත්ම මහත්මීහූ ද සහභාගි වූහ.