මත්ද්‍රව්‍ය වැටලීමේදී නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ල වෙයි

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් ඊයේ (15) දහවල් දෙමටගොඩ කාකිපුල්ල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී මත්කුඩු ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 200ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ‍ කෙසේ නමුත් අත්අඩංගුවට ගැනීම සිදුවන අවස්ථාවේ ප්‍රදේශයේ සිටි තවත් පිරිසක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සිද්ධියට අදාළව පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.