2030 දී අඟහරු ග්‍රහයා මතට මිනිසුන්

2030 වසරේ දී නාසා ආයතනය මඟින් මිනිසුන් අඟහරු ග්‍රහයා වෙත යැවීමට කටයුතු සැලසුම් කර ඇති බව ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා පවසනවා. ධවල මන්දිරයේ පැවති සාකච්ඡාවකදීයි ඇමෙරිකා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ. නව තාක්‍ෂණය සහ විද්‍යාව පිළිබඳ මෙහිදී කරුණු සාකච්ඡා කළා. ඊට ඉංජිනේරුවන් සහ විද්‍යාඥයින් රැසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

SpaceX නම් පෞද්ගලික අභ්‍යවකාශ මධ්‍යස්ථානය අඟහරු ග්‍රහයා මතට මිනිසුන් ගෙන යාමේ කටයුතු සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා එක් අයෙකුට ඇමෙරිකා ඩොලර් 200ක පමණ මුදලක් වැය කිරීමට සිදුවනු ඇති බවයි එම මධ්‍යස්ථානය පවසන්නේ. අඟහරු ග්‍රහයා මතට ගමන් කිරීමට මාස අටක පමණ කාලයක් ගත වනු ඇති බවට ද විද්‍යාඥයින් මත පළ කරනවා.