හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

ආසාධිතයන්ගේ සීඝ්‍ර වැඩිවීම නිසා මෙරට රෝහල් පද්ධතිය මේ වන විට බරපතළ අර්බුදයකට ලක් වී තිබෙනවා.
 
ඒ අනුව මේ වනවිට රත්නපුර මහ රෝහල සහ ගාල්ල කරාපිටිය රෝහල සෞඛ්‍යමය ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
 
ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය ප්‍රකාශ කළේ, කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීම රෝහල් පද්ධතියට දරා ගැනීමට අපහසු වී ඇති බවයි.
 කොළඹ ජාතික රෝහලේ  වාට්ටු 9 ක් කොවිඩ් ආසාදිතයන් වෙනුවෙන් ලබාදුන් බවත් රාගම රෝහලේ වාට්ටු 13 ක කොවිඩ් ආසාදිතයන් රැදී සිටින බවද විශේෂඥ වෛද්‍යවරයා එහිදී සඳහන් කළා.
 
මේ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ  මෙවැනි තත්ත්වයක් මත රට තුළ තිබූ සංචරණ සීමා තවදුරටත් ලිහිල් කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් බවයි.