එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් තෙල් කාන්දුවක්

ගිනි ගැනීමට ලක්වූ එක්ප්‍රෙස් පර්ල් නෞකාවෙන් සාගරයට තෙල් කාන්දුවන බවත් මීගමුව දෙසට කිලෝමීටර් කිහිපයක් එම තෙල් පැතිර ගොස් ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ පවසනවා.
 
සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් හේමන්ත විතානගේ මේ බව සඳහන් කර තිබෙනවා.
 
එම ප්‍රදේශය කොරල්පර බහුල ප්‍රදේශයක් බවද ඔහු සිය ෆේස්බුක් සටහන මඟින් ප්‍රකාශ කර තිබෙනවා.