ජෛව බුබුළකට යටත්ව විදේශිකයන්ට පළාත් අතර සංචාරයටත් ඉඩ.

මෙරටට පැමිණෙන සංචාරකයින්ට අද සිට  පළාත්  අතර සංචාරය  කිරීමටද  අවස්ථාව හිමිවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි. කෙසේවෙතත් විදේශිකයන්ට එලෙස පළාත් අතර සංචරණය කිරීමට අවසර හිමිවන්නේ ජෛව බුබුළකට යටත්ව පමණක් බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කරයි .

කෙසේ වෙතත්  පළාත් අතර සංචරණය මෙරට ජනතාවට  තවදුරටත් තහනම් බව සෞඛ්‍ය අංශ පවසයි . මෙම පළාත් සීමාව   ලබන 19 වනදා තෙක් ක්‍රියාත්මක  වන අතර එය බොහෝ දුරට  ලබන 31 වැනිදා  තෙක් දීර්ඝ  වනු ඇතැයි  සෞඛ්‍යය  මාර්ගවලින් පැවසේ.