ඉන්දුනීසියාවේ සිට කොළඹ වරායට ගෙන ආ යූරියා පොහොර ටොන් 9795 ක් රේගු භාරයේ.

යූරියා පොහොර ටොන් 9795 ක් රැගෙන ඉන්දුනීසියාවේ සිට කොළඹ වරායට පැමිණි භාණ්ඩ ප්‍රවාහන නෞකාව රේගු බාරයේ පවතින බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පවසයි.

රසායනික පොහොර ආනයනය පසුගිය මැයි මස 6 වැනිදා තහනම් කිරීම නිසා රසායනික පොහොර නිදහස් කළ නොහැකි බවත් මෙම නෞකාව පොහොර තහනම පැනවීමට පෙර ඉන්දුනීසියාවෙන් පිටත ඇත්දැයි සොයා බලන බවත් රේගුව පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹදී පෙරේදා (13) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවේ මෙම නෞකාවේ ඇති පොහොර ආනයනයට රජය අවසර දී නොමැති බවයි.