අන් අයට කරදර නොකර දැනගෙන Zoom භාවිත කරමු

විද්‍යාලයක ගුරුවරියක් තම පාඩම Zoom තාක්ෂණය ඔස්සේ කරගෙන යන විට කුණුහරප කියූ පුද්ගලයෙක් ගැන මට අසන්නට ලැබුණි. එහිදී විදුහල්පතිතුමා මා අමතා මේ සදහා ඉදිරියේදී කුමක් කල යුතුද යන්න විමසීය. මේ කාරණය නිසා බොහෝ දෙනාගේ දැනගැනීම පිණිස මේ ලිපිය ලියමි.
 
කෝවිඩ් තත්වය හමුවේ පාසැල් වල මෙන්ම විශ්ව විද්‍යාලවලත් මේ වන විට අධ්‍යයන කටයුතු Zoom තාක්ෂණය මෙන්ම වෙනත් සංනිවේදන තාක්ෂණ භාවිතයෙන් සිදුකෙරේ. එමෙන්ම සමාජ කතිකාවන්ද මේ තාක්ෂණයන් භාවිතයෙන් සිදුකරන බව අප දනිමු.
ඉහත කී සිදුවීම මෙන් සිදුවීම් මෙම තාක්ෂණයන් භාවිතයේදී අත්විදීමට සිදුවිය හැකිය. මෙම සිදුවීම් අවම කරගැනීමට කෙසේ කටයුතු කල යුතුදැයි දැනගැනීම තාක්ෂණය පිලිබද දැනුවත් වීම ඉතා වටිනා බව නොදන්නා කෙනෙකුට කියාදීම ඉතා වටිනා බව අදහස් කරමි.
Zoom ආයතනය මගින් තම සාකච්ඡා රැස්වීම් ආරක්ෂණය පිලිබදව ක්‍රමවේදයන් කිහිපයක් හදුන්වා දී ඇත. බොහෝවිට Zoom සාකච්ඡාවට අතරමැදියෙකු සම්බන්ධවීම වැලැක්වීම සදහා එය ආරම්භ කරන තැනැත්තා එහෙමත් නැත්නම් Host සහ එයට සම්බන්ධවන තැනැත්තා අතර මනාව ආරක්ෂාව encryption තාක්ෂණය භාවිතයෙන් ආරක්ෂණය කොට ඇත.



මෙහිදී බහුලව සාකච්ඡාවට අනාරාධිතව පිටස්තරයෙකු සම්බන්ධවිය හැක්කේ කෙනෙකුට යැවූ link එකක් ඒ පුද්ගලයා විසින් අන්සතු කරවීම තුලිනි. ඒ නිසා ආරාධිත link එක යැවීමේදී ඒ ආරාධනය කරනු ලබන පුද්ගලයාට අන්සතු නොකරන ලෙස දැනුවත් කිරීම වැදගත් වේ.
මීට අමතරව සම්බන්ධවන්නාට Passcode එකක් ලබාදිය හැකිය. එය කරගන්නා ආකාරය ඉහත රූපයෙන් දැක්වේ.
එමෙන්ම සියලුදෙනා සාකච්ඡාවට සම්බන්ධකරගැනීමට Host එහෙමත් නැත්නම් සාකච්ඡාව ආරම්භ කරන්නා විසින් අනුමැතිය ලබාදෙන තුරු රදවා තබා ගැනීමක් කරගත හැකිය. ඒ සදහා Require host to be present before meeting starts,Create Waiting Rooms for attendees යන ක්‍රමවේද Zoom විසින් ලබාදී ඇත.

එමෙන්ම Expel a participant or all participants මගින් සාකච්ඡාවට සම්බන්ධවී ඇති පුද්ගලයකු හෝ සියලුදෙනාම ඉවත්කිරීමේ අනුමැතිය සාකච්ඡාව ආරම්භකයාට ලබාදී ඇත.

Suspend participant activities මගින් සහභාගීවන්නාගේ කටයුතු අත්හිටුවීම සිදුකල හැකිය.
Lock a meeting මගින් සාක්ච්ඡාව අගුලු දැමීමක් සිදුකරගත හැකිය.

Screen share watermarks මගින් සලකුණක් යොදා හදුනාගැනීමේ ක්‍රමවේදයක් භාවිතා කල හැකිය.
Audio signatures භාවිතා කර කතා කරන්නා කව්ද යන්න හදුනාගත හැකිය.

Enable/disable a participant or all participants to record මෙමගින් සාකච්ඡාව Record වාර්තා කරගත හැකිවනවා සේම එමගින් යම් පුද්ගලයෙක් අකටයුත්තක් කල හොත් එය සාක්ෂියක් ලෙස භාවිතා කල හැකිවේ.

Only allow individuals with a given email domain to join එමෙන්ම සාකච්ඡාවට සම්බන්ධ විය හැක්කේ ලබාදුන් විදයුත් ලිපිනයන්ට පමණක්ය යන විදානය සක්‍රීය කරගත හැකිය.

සාකච්ඡාවට එක්වන පුද්ගලයාට වෙනත් නම් භාවිතා නොකොට තම නියම නම භාවිතා කරන්නට උපදෙස් දිය හැකිය.

එමෙන්ම මීට අමතරව මා විශ්ව විද්‍යාලයක මහාචාර්යවරියක් භාවිතා කරන ක්‍රමවේදයක් දුටුවෙමි. ඇය මේ පිලිබදව සමාජය දැනුවත් කරන ලෙස ද ඉල්ලා සිටියාය. ඇය පැවසුවේ “අපි Link යවනවා පාඩමට සම්බන්ධ වෙන්න කව්රු සම්බන්ධවෙනවාද දන්නේ නෑ. ඒ නිසා මම හැමෝටම විඩියෝ එක on කරලා තමන්ව පෙන්නන්න කියනවා”. මෙයත් එක්තරා විදිහකින් හොද ක්‍රමවේදයක්. ඇත්තටම පාඩමට සම්බන්ධ වන්නේ තමන් පුද්ගලිකව දන්නා ශිෂ්‍ය/ ශිෂ්‍යාවන් විය යුතුය. වෙනත් බාහිර පුද්ගලයකු සම්බන්ධ වන්නේ නම් ඒ සදහා අවසර ලබාගැනීම වැදගත්ය.
මෙහිදී සාකච්ඡාවට සම්බන්ධ වන්නන්ටද වගකීමක් ඇත. කෙනෙක් දේශනයක් කරන විට තම Mic Mute කරගැනීම තුලින් තම් නිවසේ සිදුවන කතා බහ හා අවට පරිසරයේ ඝෝෂාව නිසා සාකච්ඡාවට ඇතිවන බලපෑම නැතිකරදැමීම , අනවශ්‍ය වාද විවාද වලට යෑමෙන් වැලකීම, පරුෂ වචන භාවිතයෙන් කෙනෙකුගේ හෝ කණ්ඩායමක පුද්ගලිකත්වයට හානි නොකිරීම වැනි ශිෂ්ඨ සම්පන්න පුරවැසියන් වීම අප කාගේත් වගකීමකි.

මීට අමතරව තවත් කරුණු දැනගැනීමට අවශ්‍ය නම් www.zoom.us වෙබ් අඩවියට හෝ YouTube විඩියෝ නැරඹීම තුලින් ඔබට දැනුවත් විය හැකිය.

කෝවිඩ් උවදුර නිසා ශ්‍රී ලාංකීය සමාජයේ අපි දැඩි පීඩනයකට පත්ව සිටිමු. එදිනදා වැඩ පහසුකරගැනීමට තාක්ෂණය භාවිතා කිරීම තුලින් මේ පීඩනයෙන් යම් තරමකට ගොඩ ඒමට අපට හැකිය. ඒ නිසා වගකීමේන් කටයුතු කරමු නොදන්නා අය දැනුවත් කරමු.

පුලස්ති වන්නිආරච්චි
අන්තර්ජාල ප්‍රශස්තිකරණ ඉංජිනේරු හා ඩිජිටල් අලෙවිකරණ උපදේශක.