අනාගතයේදී මුළු පෘථිවියම එකම ගොඩබිමක්

ලොව මහාද්වීප කිහිපයක් හරහා පොළොව දෙබෑ වී තිබෙන බවට විද්‍යාඥවරුන් පිරිසක් පසුගියදා සොයාගෙන තිබෙනවා. මෙලෙස දෙබෑවීම සිදුව ඇත්තේ ඇල්ජීරියාවේ.

මෙම යෝධ පැළීමට හේතුව ලෙස සඳහන් වන්නේ පෘථිවියේ අභ්‍යන්තර මෝල්ටන් ලාවා හෙවත් මැග්මා වලට පිටතින් තිබෙන ස්ථරය සෑදී ඇති උප ස්ථර විවිධාකාර දිශාවලට ගමන් කිරීම නිසාවෙන් . මෙලෙස විවිධ දිශාවලට ගමන් කරනු ලබන ස්තර මුහුණට මුහුණ ගැටීමෙන් මෙම පැළීම් ඇති වන අතර යුරෝපයේ සහ ආසියාවේ පිහිටි යුරේසියානු ස්තරය ඕස්ට්‍රේලියානු ස්ථරය සමඟ තවත් වසර මිලියන 200කදී එක්වීම සිදුවෙනවා.

ඉන් අනතුරුව එම ස්තර දෙක අතර පිහිටි අත්ලාන්තික් සාගරයද සම්පූර්ණයෙන් අතුරුදන් වෙනවා. උතුරු ඇමෙරිකාව සහ යුරෝපයද එකිනෙක එක්වීම තවත් වසර මිලියන 200කින් සිදුවීමට නියමිත වුවත් මේ වන විටත් එම ක්‍රියාවලිය ආරම්භ වී තිබෙන අතර මෙම ක්‍රියාවලිය දිගු වශයෙන් සිදුවී එක් දිනක මුළු පෘථිවියම එකම ගොඩබිමක් බවට පත්වීමට නියමිතව පවතිනවා.

පෘථිවිය පහළ වූ දා සිට අද දිනය දක්වාම කාලය තුළ මෙවැනි ක්‍රියාවලි තුන්වරක් පමණ සිදුව තිබෙනවා. අවසන් වරට සෑදී තිබෙන මහද්වීපය පැන්ජියාව ලෙස නම් කර තිබෙන අතර අත්ලාන්තික් සාගරයේ ඇතිව තිබෙන පැල්ම පෘතුගාලයට නිරිත දිග සැතපුම් 120ක දුරින් පිහිටා තිබෙනවා. මෙහි දිග සැතපුම් 180කි. අත්ලාන්තික් සාගරය අතුරුදන් වුවහොත් ඉන් පසු අප්‍රිකානු මහාද්වීපය, උතුරු ඇමෙරිකානු මහද්වීපයද එකතු වීමට නියමිතව පවතිනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මධ්‍යධරණී සාගරය අතුරුදන් වීමද දක්නට ලැබෙන අතර එහි ජලය ලෝකයේ වෙනත් සාගරවලට එකතු වී එම එකතු වූ තැන හිමාල කඳුවැටිය වැනි විශාල කඳුවැටි නිර්මාණය වීමද දැකගැනීමට පුළුවන් වීම සුවිශේෂී කරුණක්.