දියවැඩියාව ඇති ඔබ, ඔබේ පාදවලට වෙනදාට වඩා අවධානය යොමු කරන්න - (දියවැඩියා පාද සාත්තුව හෙවත් Diabetic Foot care)

ඔබ හෝ ඔබගේ මව,පියා, මිතුරා හෝ අසල්වාසියා දියවැඩියා රෝගයෙන් පෙළෙනවාද? මෙම රෝගය පාලනය නොකළහොත් ඉතා අවාසනාවන්ත ඉරණමකට ලක්විය හැක. දියවැඩියා රෝගින් පාද ගැන විශේෂ අවධානයක් යොමු කළ යුත්තේ ඔවුනට පාදයට සිදුවන අනතුරු නොදැනෙන නිසා දිගින් දිගටම අනතුරු සිදුවී තුවාලය ඉතා දරුණු තත්ත්වයකට පත්විය හැකි බැවිනි. තම පාදය නිරීක්ෂණය කරන්න එහිදි මුහුණු බලන කණ්නාඩියක් උදව් කරගන්නවා නම් පාදයේ යටි පතුලත් හොදින් නිරික්ෂණය කරන්න පුලුවන්.මෙය සිදුකළ යුත්තේ හොදට එළිය තියෙන තැනකදි.
  • දිනපතා විශේෂයෙන්ම රාත්‍රී නින්දට පෙර පාද පිළිබද හොදින් “බලන්න”
  • පාදයේ පුංචි හරි සීරීම්ක්වත්  තිබේද කියල හදුනගන්න. එහෙම හදුනගත්තොත් ඉක්මණින්ම එය පිරිසිදු ඖෂධීය ප්ලාස්ටර් කැබැල්ලකින් ආවරණය කර නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අවශ්‍ය වෙනවා.
  • හමේ පාට වෙනස්වීමක් ...( කලු පාට හෝ සාමාන්‍ය පාටට වඩා තද වර්ණයක් ) එසේ නම් පාදයේ එම ප්‍රදේශයට එන ලේ ප්‍රමාණය අඩුවෙලා නිසා විය හැකිය.
  •  පුලුන් කෑල්ලක් අරගෙන පාදයේ ඇගිලි වල ඉදල ඉහළට තැනින් තැන ස්පර්ශ කරල බලන්න. එම ස්පර්ශය හොදින් දැනෙන්නේ නැත්නම් මේ බව ඔබේ වෛද්‍යවරයට දන්වන්න.
  • පාද දෙක මද උණුසුම් වතුරෙන් හොදට හෝදල වියලන්න.(විශේෂයෙන්ම ඇගිලි අතර නිසි ආකාරයෙන් වියලුනේ නැත්නම් දිලීර වර්ධනය වෙන්න ඉඩ තියෙනවා. එවිට කැසීම මගින් අපි තුවාල ඇති කරගැනීම නිතැතින්ම සිදුවෙනවා).
  • ස්වභාවයෙන්ම පාද වියලි සමක් සහිතව සිටින අයට පුලුවන් පාද සෝදල හොදට වියලලා මෘදු තෙත්කාරක ක්‍රීම් වර්ගයක් (Moisturize)  ආලේප කරන්නට.(කිසිම වෙලාවක පාදයේ ඇගිලි අතරේ එය ආලේප කරන්න එපා.)
පාදයේ නියපොතු කැපීම
  •  තරමක් කොටට හරස් අතට නිය කැපුවාම ප්‍රමාණවත්.
  •  වැඩි හොදට නිය හුගක්ම කෙටි කරන්න ගියොත් වෙන්නේ අපිම තුවාල ඇති කරගන්න එක .
  •  කිසිම වෙලාවක “ගල් තැළුම්“ එහෙම නැතිනම් පාදයේ තියෙන ගැටිති ගෙදරදි බ්ලේඩ් එකකින් කපන්න උත්සාහ කරන්නවත් එපා. අනිවාර්යයෙන්ම වෛද්‍යවරයකුගේ උපකාරයෙන් තමයි කළ යුතු වන්නේ.
පාවහන් පැළදීම
  • දිවා කාලයේදි ඇවිදිනවිට
  • පාදය හොදින් ආවරණය වන විදියට පාවහන් පළදින්න, (එම පාවහන් පාදයට හුගක් තද නැති මෘදු ඒවා නම් තමා වඩාත් සුදුසුයි.)
  • පාවහන් පලදින්නේ නැතිව ඇවිදින්න එපා.එතකොට අපට නොදැනෙන පුංචි තුවාල ඇති වෙනවා.ඒවා හොදටම ප්‍රමාණවත් මහා අනතුරක් ඇති කරන්නට හැක.
මේ පාද වලට තද උණුසුම හරිම භයානකයි. පාදයේ ලේ ගමනාගමනයට උපකාර කිරීම
පුටුවක වාඩිවෙන විදිය පවා හරිම වැදගත්.
  • කිසිම වෙලාවක් පාදයේ පහලට ලේ ගමන් කිරිමට බාධාවන විදියට පාදයක් පිට පාදයක් හරස් අතට තියාගෙන ඉන්න එපා.
  • හුග වෙලාවක් වාඩි වෙලා ඉන්න සිද්ධවෙනව නම් වරින් වර පාදය සොලවන්න.පා ඇගිලි දිග හරින්න.එතකොට ඒ ප්‍රදේශයට ලේ සැපයුම යථා තත්ත්වයට පත් වෙනවා.
මේ අතරේ තමාගේ
  •  දියවැඩියාව පාලනයට අදාල ඖෂධ , ආහාර සහ ව්‍යායාම ගැන අවධානය තබා ගත යුතුම වෙනවා.
  •  දුම්පානය නොකිරීම හරිද වැදගත්.දුම්පානය මගින් ලේ නාල , විශේෂයෙන්ම පාද වල රුධිර වාහිනී වල රෝග තත්ත්ව ඇති වෙලා පාදයේ නිරෝගී බව අඩු කරන්නට පුලුවන්.