V2025 පොහොසත් රටක්


Download
 - V2025 භාගත කරගන්න

දැනුම පදනම් කරගත් ඉහළ තරගකාරී සමාජ වෙළඳපොළ ආර්ථිකයක් තුළින් ශ‍්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය අරමුණින් V2025 පොහොසත් රටක් එළිදැක්විණි.

මීට වසර දෙක හමාරකට පෙර ප්‍රධාන පක්ෂ දෙක එකතුවී ගොඩනගන ලද සම්මුතිවාදී ආණ්ඩුවේ පොහොසත් රටක් හදන දැක්ම V2025 එළිදැක්වීම පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි ප්‍රධාන ආරාධිතයෝ වූහ.

යොවුන් පාර්ලිමේන්තු සාමාජිකයින් වෙත V2025 පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය. යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් යොමු කරන ලද ප්‍රශ්නවලට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පිළිතුරු ලබා දුන්හ.

මෙම අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියහ.