YouTube හා ඩිජිටල් ලෝකය

වර්ෂ 2005, පෙබරවාරී 14 දින ඩිජිටල් ලෝකයේ දැවන්ත පෙරළියක් සිදුකරමින් ස්ටීව් චෙන්, චාඩ් හුර්ලේ හා ජාවඩ් කරීම් විසින් YouTube වෙබ් අඩවිය නිදපවන ලදී. එය 2006 නොවැම්බර් මස Google සමාගම විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.65කට මිලදී ගනු ලැබුවා. එය හුදෙක් විඩියෝ සංචිතයක් ලෙස එළිදැක්වූ අතර. එහි උද්දෘත පාඨය වූයේ ඔබව විකාශනය (Broadcast Yourself) කරගන්න යනුවෙනි. මෙහි මුලස්ථානය පිහිටා ඇත්තේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ, සැන් බෘනෝ, චාර්ලි ඇවනිව්, 901 ස්ථානයේය. මෙහි ඇති විශේෂත්වය නම් ඕනෑම කෙනෙකුට තමන් සතු විඩියෝවක් පහසුවෙන් අන්තර්ජාලයට මුදාහැරීමට ලබාදී ඇති අවකාශයයි. මෙම වෙබ් අඩවියේ විඩියෝ එක්කරන්නට, බලන්නට, අනෙක් සමාජ ජාල වල පහසුවෙන් share කරන්නට, comment කරන්නට අවශ්‍ය සියළු පහසුකම් වලින් සන්නද්ධකොට තිබේ. මෙම වෙබ් අඩවිය සංගීතඥයින්, චිත්‍රපටි අධ්‍යක්ෂකවරුන්, සංගීත කණ්ඩායම්, විඩියෝ නිර්මාණ ශිල්පීන් වර්ථමානයේ බෙහෙවින් භාවිතයට ගනී. මෙය google හි දෙවන වැඩිම ප්‍රතිචාර ඇති වෙබ් අඩවියයි.

 
මෙම වෙබ් අඩවියේ ඔබේ ගිණුමක් සදාගැනීමට අවශ්‍ය නම් ඔබට පහසුවෙන් ඔබේ gmail විද්‍යුත් ලිපිනය භාවිතා කල හැකිය. ඔබේ ගිණුමට එක්වීම සදහා ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනය වුවද භාවිතා කල හැකිය. මෙහිදි ඔබට අන් අයගේ විඩියෝ චැනල වලට සම්බන්ධ විය හැකිය. එය subscribe ඔස්සේ කල හැකිය. ඔබේ ගිණුමට ඇතුල්වූ පසු දකුණු පස ඉහළ ඇති ඔබේ ගිණුමට ඇතුල් වී YouTube settings වෙත පිවිසිය හැකිය. එහි ඇති connected accounts ඔස්සේ ඔබේ facebook, twitter ගිණුම් සම්බන්ධ කරගත හැකිය. Privacy ඔස්සේ ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂාකරගත හැකි විධිවිදාන සකසාගත හැකිය. Email ඔස්සේ ඔබේ විද්‍යුත් තැපෑලට අළුතේන් එක්වී ඇති විඩියෝ පිළිබඳ තොරතුරු ගෙන්වාගත හැකිය.

ඔබේ ප්‍රියතම සංගීත කණ්ඩායම, ප්‍රියතම ගායකයා, ඔබේ ප්‍රියතම රූපවාහීනී චනලය හෝ වැඩසටහන හෝ වෙනත් ඕනෑම විඩියෝ චැනලයක් වෙත ගොස් එහි ඇති රතුපාට Subscribe බොත්තම එබීම තුලින් ඔබට ඔබේ ගිණුමට මෙම වැඩසටහන් එක්කරගත හැකිය. ඔබේ කැමත්ත පරිදි ඔබ කැමති විඩියෝ playlists එකක් අධාරයෙන් නැරඹීමේ හැකියාවද YouTube තුල අන්තර්ගතය. ඕනෑම විඩියෝවක් වෙත ගොස් විඩියෝවට පහල වම් කෙලවරේ ඇති +Add to බොත්තම මගින් ඔබට ඔබේ playlist එකක් සකසාගෙන එම විඩියෝව එයට එක්කරගත හැකිය. එමගින් අනාගතයේ දිනෙක නැවත පහසුවෙන් එම විඩියෝව නැරඹීමේ හැකියාව ඇත. ඔබට ඔබේ playlist 1,2,3, වශයෙන් විඩියෝ අංකනය වන අතර එම විඩියෝ ඉහළ පහල ගෙන ගොස් ඔබට අවශ්‍ය පරිදි සකසාගත හැකිය. එම සකසාගත් playlist එක පහසුවෙන් සමාජ ජාල වෙබ් අඩවිවලට එක්කල හැකි අතර, ඔබේ වෙබ් අඩවියකට එක්කරගැනීමට Embed Code එක ලබාගත හැකිය. එමෙන්ම සදාගත් playlist එක ඔබේ මිතුරෙකුට විද්‍යුත් තැපැල් පණිවිඩයක් මගින් යැවීමේ හැකියාවද YouTube තුල ඔබට පහසුකම් සලසා ඇත.

ඔබට YouTube Ad හරහා ඔබේ ව්‍යාපාරය මෙන්ම ඔබේ විඩියෝ පහසුවෙන් අලෙවිකරණය කරගත හැකිය. මේ පිළිබද වැඩි විස්තර මෙම ලින්ක් එක ඔස්සේ ඔබට දැනගත හැකිය. www.youtube.com/yt/advertise. ඔබට ඕනෑම වයස් කාණ්ඩයක්, ස්ත්‍රී පුරුෂ, ඕනෑම ක්ෂේත්‍රයක් හෝ ලෝකයේ ඕනෑම රටක මෙම අලෙවිකරණ දැන්වීම් ඔස්සේ ඔබට ප්‍රචාරය කරගත හැකිය. ඔබේ දැන්වීමේ සාර්ථකවය පිළිබද වර්ථාවක්ද ඔබට YouTube Ad ඔස්සේ ලබාදී ඇත.



Live Streaming මගින් ඔබේ වැඩසටහනක් සජීවී විකාශයක් ලෙස අන්තර්ජාලයට මුදාහැරීම කල හැකි අතර ඒ සදහා ඔබේ YouTube Channel එක Verify වී තිබිය යුතුය. එනම් YouTube මගින් ඔබේ YouTube Channelය හදුනාගෙන තිබිය යුතුය. මේ සදහා පිවිසීමට Creator Studio tools --> Live Streaming වෙත යායුතුය. වඩාත් හොද Live Streaming කරගැනීම සදහා ඔබ සතුව විඩියෝ කැමරා උපංග තිබේ නම් අනර්ඝය.
ඔබට ඔබේම YouTube Channel එකක් පහසුවෙන් සදාගත හැකි අතර ඒ සඳහා ගිණුමට ඇතුළු වූ පසු වම් පස My Channel මෙනුවට යන්න එය ක්ලික් කල පසුව Create Channel ලෙස කුඩා කොටුවක් දක්නට ලැබේ එහි ඔබට අවශ්‍ය නම ලබාදී ඔබේ Channel සදාගන්න. එහි කවරය සදහා Channel Art Size : 2560x1440, 4MB ඡායාරූපයක් එක් කල හැකිය. support.google.com/youtube ඔබට නොදත්දේ ඉගනීමට අවකාශ සලසා ඇත.



ඔබත් ඔබේ ඩිජිටල් විඩියෝ YouTube Channel නිර්මාණය කරගෙන එහි ඇති විශේෂාංග අත්විදින්න. ඔබේ ව්‍යාපාරයක් ඇත්නම් ව්‍යාපාරික කටයුතු ලෝකය වෙත ගෙනයන්න YouTube මහඟු අත්වැලකි.

පුලස්ති වන්නිආරච්චි
අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණ ඉංජිනේරු
www.seopula.com